දුම්රිය මාර්ගයේ අලි ගැටෙන තැන් නිරීක්ෂණයට දින හතරක්  - Lanka News Web (LNW)

දුම්රිය මාර්ගයේ අලි ගැටෙන තැන් නිරීක්ෂණයට දින හතරක් 

දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා, දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැලැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් ඔක්තෝබර් 11 (අද) දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතුවල නියැලෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි 2018.09.28 වන දින මෙම කමිටුව පත්කර තිබුණි.

ඒ අනුව වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ. සුමනසේන මහතාගේ නායකත්වයෙන් හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම නිරීක්ෂණ කටයුතුවල නියලෙයි.

මෙම කණ්ඩායම ඔක්තෝම්බර් 11 වන දින සිට 14 වෙනි දින දක්වා දින 4 ක් දිනපතා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ගවල මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

මෙම නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව දුම්රිය අලි ගැටීම් වැළැක්වීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන සැලැස්මක් සැකසීම විද්වත් කමිටුවක් විසින් දින 05 ක් ඇතුලත සිදු කිරීමට නියමිතව තිබේ.

එම කමිටු වාර්තාව සහ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ඇස්තමේන්තුවද ඔක්තෝම්බර් මස 25 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට භාරදීමට නියමිතව ඇති බව රජය පවසයි.

ඒ අනුව තමා විසින් එම වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මේ මස අවසන් වීමට පෙර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

මසක පමණ කෙටි කාලයක් ඇතුලත අලි ඇතුන් 12 දෙනෙකු පමණ දුම්රියවල ගැටීම් හේතුවෙන් මියගොස් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මෙය ජාතික අපරාධයක් බවත්, මෙය කිසිම කෙනෙකුගේ වරදක් ලෙසට කිසිවකුට තමා ඇඟිල්ල දික් නොකරන බවත් සදහන් කරයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

චන්දික හතුරුසිංහ සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගය අද

පෙබරවාරි 21, 2019

චන්දික හතුරුසිංහගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින්...