අදත් ඇමතිවරුන් 07ක් දිවුරුම් දෙයි - Lanka News Web (LNW)

අදත් ඇමතිවරුන් 07ක් දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද (08) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව, බන්ධුල ගුණවර්ධන මහතා ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය ධූරයේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සී.බී රත්නායක මහතාත්, සාලින්ද දිසානායක මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා - ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති අතර සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ එස්.එම්. චන්ද්‍රසේන මහතායි.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

ශ්‍රී ලංකාවේ පිපිරීම් : ජනාධිපතිට විවේචන - පොලිසිය යළි සාගලට !

අප්‍රේල් 22, 2019

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...