"මන්නාරම" දින 102 දී ඇටසැකිලි 232 ක් - Lanka News Web (LNW)

"මන්නාරම" දින 102 දී ඇටසැකිලි 232 ක්

දින එකසිය දෙකක් තිස්සේ කරන ලද කැනීම්වලින් අනතුරුව මන්නාරම සතොස සමූහ මිනී වලෙන් එක් එක් පුද්ගලයන්ට අයිති යැයි සැලකෙන ඇටසැකිලි 232 ක් සොයාගෙන තිබේ.

එම ඇටසැකිලි 232 න් 224 ක් මේ වන විට කැනීම් භූමියෙන් ඉවත්කර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර ඇති බවයි වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

මන්නාරම සතොස සමූහ මිනී වලෙන් ගොඩගන්නා ලද එම ඇටසැකිලි අතරින් 18 ක් ම දරුවන්ගේ බවට තහවුරු කරගෙන තිබේ.

හමුවූ සිරුරු කොටස් අතරින් තෝරාගත් නියැදි කිහිපයක් කාල නිර්ණය සඳහා ෆ්ලොරීඩාවේ බීටා ඇනලිටික් විද්‍යාගාරය වෙත යැවීමට අධිකරණය අනුමැතිය දී ඇති බව වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ කැනීම් කටයුතු අතරතුරදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ මේතාක් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනීවල වන මෙහි වර්ෂාව මධ්‍යයේ ද කැනීම් කටයුතු සිදු කරමින් පවතී.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...