කල්පිතයන් ගැන කියන්න මම දන්නෙ නැහැ - නමුත් ඔහුට බහුතරය නැහැ - Lanka News Web (LNW)

කල්පිතයන් ගැන කියන්න මම දන්නෙ නැහැ - නමුත් ඔහුට බහුතරය නැහැ

ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තවදුරටත් තමන් සතුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

අරලියගහ මන්දිරයේ සිට ඉන්දියාවේ The Hindu පුවත් පතට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් පසුගිය 26 වැනිදා සිදු වූ මෙම පෙර නොවූ විරූ බල අරගලයක් මතු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කරමින් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල්තැබීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමථයකට පත්කිරීමට උත්සහ දරමින් සිටින බව The Hindu පුවත්පත පවසයි.

මේ අතර වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා අතර පැවති සබඳතාවේ කටුක බව මතුකරමින් පසුගිය දින කිහිපය තුළ ප්‍රසිද්ධ වේදිකාවේ ජනාධිපතිවරයා විසින් පෞද්ගලික ප්‍රහාර එල්ල කරන තැනට පත්වූ බවද පුවත්පත පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා සමඟ තවදුරටත් වැඩ කිරීමේ ප්‍රශ්නයක් තමන්ට නැති වුවත් ජනාධිපතිවරයා ද ඊට සූදානම්ද නැද්ද යන්න පිළිබඳ දැනගත යුතුව ඇති හෙයින් ඔහුට ද මෙම ප්‍රශ්නය යොමු කළ යුතු බව වික්‍රමසිංහ මහතා කියා සිටියි.

ජනාධිපතිවරයා විසින් මීට දින 10කට පෙර වික්‍රමසිංහ මහතාව ධූරයෙන් පහ කළද තවදුරටත් ඔහු අරලියගහ මන්දිරයේ රැඳී සිටින බවත් ඔහු වෙනුවෙන් විශාල ලෙස පාක්ෂිකටයන්ගේ ආරක්ෂාව ලැබෙමින් පවතින බව පුවත්පත පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් ඔහුගේ ආරක්ෂාව අඩු කිරීමට ගත් තීරණයෙන් පසු පාක්ෂිකයන් විශාල වශයෙන් රොඳ බැදෙමින් සිටින අතර අරලියගහ මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් ඊට ඇතුළු විය හැකි දොරටු අසල ආරක්ෂාව සලසමින් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන් රැඳී සිටින බවද The Hindu පුවත්පත ප්‍රකාශ කරයි.

මෙම දේශපාලන අර්බුදය මැද වුවද අගමැතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ සුභවාදී ස්ථාවරයක පසුවන බවයි The Hindu පුවත්පත සඳහන් කරන්නේ.

"පාර්ලිමේන්තුවේ බලය උත්තරීතරයි එය කථානායක කරු ජයසූරිය මහතා විසින් එය අනුමත කර තිබෙනවා."
"මට පාර්ලිමේන්තුවේ බහුතරය ගැන විශ්වාසයි" යන්නෙන් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

නමුත් ජනාධිපතිවරයා විසින් එළඹෙන 16 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා යළි 14 වැනිදා රැස්කරන බවට නිවේදනය කර ඇත්තේ ඔවුන්ට බහුතරය නොමැති නිසා බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රමාදය රටේ ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපාන හෙයින් තමන් ඒ පිළිබඳ කනස්සල්ලෙන් පසුවන බවද ඔහු කියා සිටියි.

ඊයේ (07) සන්ධ්‍යාව වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය 99 ක් වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය 104 දක්වා වැඩි වී තිබුණි. එහෙත් නිසැක ලෙසම දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහය වික්‍රමසිංහ මහතාට ලැබෙන බව පෙනෙන්නට ඇති බව පුවත්පත වාර්තා කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂව වෙනුවෙන් ඊට එරෙහිව ඡන්දය ලබා දෙන බවද මෙම දෙපාර්ශ්වය මේ වන විට ප්‍රකාශ කර ඇති බවයි The Hindu පුවත්පත වාර්තා කර ඇත්තේ.

කෙසේවෙතත් පවත්නා දේශපාලන අර්බුදය මැද තමන් නියෝජනය කරන පාර්ශවය බහුතරය පෙන්වන බව වික්‍රමසිංහ මහතා පවසා තිබේ. ජනාධිපතිවරයාගේ පාර්ශවයට බහුතරය පෙන්විය නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.

"කල්පිතයක් ගැන කියන්න මම දන්නේ නැහැ. නමුත් මම කතා කරන්නේ සැබෑ තත්ත්වය පිළිබඳව. ඔහුට බහුතරය නැහැ."

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...