පක්ෂය නොව රට දිනවිය යුතුයි - සජිත් (වීඩියෝ) - Lanka News Web (LNW)

පක්ෂය නොව රට දිනවිය යුතුයි - සජිත් (වීඩියෝ)

දිනෙන් දිනම රටේ ආර්ථික, සමාජිය හා දේශපාලන තත්ත්වය අන්ත ප්‍රපාතයකට ඇද වැටෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අස්ථාවරභාවය, අවිනිශ්චිතභාවය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති කෙලෙසීම තුළ මහජනතාවගේ නිදහස, අයිතිය මෙන්ම ජනතා පරමාධිපත්‍ය මුළුමනින්ම විනාශ වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

"වසර තුන හමාරක පමණ කාලයක් තුළ ලෝක බලපෑම් සියල්ලක් අවම කරමින් මුළු ලෝකයක් දිනාගත් රාජ්‍යක් අපි අපේ මාතෘ භුමියේ ස්ථාපිත කරා. ඒ දිනාගත්තු සැම දේම අද සීග්‍රයෙන් අපේ රටට නැති වෙමින් පවතිනවා මේ ක්‍රියාත්මක වුණු අත්තනෝමතික ව්‍යවස්ථා විරෝධි, ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමය තුළ "

ඒ හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය පාර්ලිමේන්තුව හරහා විසඳා ගැනීමට අවශ්‍ය බව මන්ත්‍රීවරයා අවධාරණය කළේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දේශපාලන පක්ෂයක් පරාජය කරමින් තවත් දේශපාලන පක්ෂයක් දිනවීම අරමුණින් නොව රට දිනවීමේ අරමුණින් එය සිදු කළ යුතු යැයි හිටපු අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

"දේශපාලනයේ සිටින අපි තාවකාලික භාරකරුවෝ. අපිට මේ රට මුළුමනින්ම සින්නක්කර ඔප්පුවකින් කවුරුත් ලියලා දීලා නැහැ.මැතිවරණ මැතිවරණ පාසා මේ තාවකාලික අවසරය, බලපත්‍රය රටේ ජනතාව අපිට ලබා දෙන්නේ තාවකාලික භාරකරුවන් හැටියට මේ රට සංවර්ධනය කිරීමට. "

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවා ඇති වී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුතු බවයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...