එදා අර්ජුනට සිදුවූයේ කුමක්ද? - මෙන්න ඇත්ත! වීඩියෝ දර්ශන එළියට - Lanka News Web (LNW)

එදා අර්ජුනට සිදුවූයේ කුමක්ද? - මෙන්න ඇත්ත! වීඩියෝ දර්ශන එළියට

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගිය 28 වැනිදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන කාර්යාලයේදී මැර ප්‍රහාරයක් එල්ල විය.

එම අවස්ථාවේදී ඇති වූ කලබලකාරී තත්ත්වය මැද වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් එක පුද්ගලයෙකු මිය ගියේය. තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීය.

අර්ජුන රණතුංග මහතා එම පරිශ්‍රයට ගොස් තිබුණේ සිය නිල නිවසේ යතුර ගෙන ඒම සඳහාය. එම අවස්ථාවේ කුපිත වූ සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිස මෙම කලහකාරී තත්ත්වය ඇතිකර තිබූ බවයි අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ. එම අවස්ථාවේ තමන්ගේ දිවි බේරුණේ විශේෂ කර්ය බලකාය ඉතාම ආරක්ෂිතව තමන්ව එම පරිශ්‍රයෙන් පිටතට රැගෙන ඒම නිසා බවද ඔහු කියා සිටියේය.

රණතුංග මහතාට එරෙහි වෘත්තීය සමිති නියෝජිතයන් දිගින් දිගටම කියා සිටියේ එම ගැටුම අර්ජුන රණතුංග මහතා මැදිහත් වී ඇති කළ බවයි. කෙසේ වෙතත් මේ වන විට එම සිද්ධියට අදාළ සැබෑ දර්ශන සහිත වීඩියෝ පටයක් ලංකා නිව්ස් වෙබ් වෙත ලැබී තිබේ.

සම්පූර්ණ දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...