"සිංහලයන්ට දෙමළ ඉගැන්වීම මගේ වගකීමක් " වාසු (වීඩියෝ) - Lanka News Web (LNW)

"සිංහලයන්ට දෙමළ ඉගැන්වීම මගේ වගකීමක් " වාසු (වීඩියෝ)

ශ්‍රී ලාංකික ජනතාවගේ ද්වි භාෂා හැකියාව වර්ධනය කිරීම ජාතික ඒ්කාබද්ධතා, සහජීවන හා ජාතික භාෂා අමාත්‍යංශයේ වගකීම යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

"පුලුවන්නම් භාෂා තුනේම හැකියාව ලබා දීම තුළ තමයි අපේ රටට හැකි වන්නේ එකිනෙකා සමග කතා කිරීමට අවස්ථාවක් උදාකර ගන්න"

එම අවස්ථාව උදා කර දෙන තුරු රටේ සෑම අයෙක්ම එකිනෙකා සමග කතා කිරිමේ නොහැකියාවෙන් සිටින බව ඔහු සදහන් කළේ ජාතික ඒ්කාබද්ධතා, සහජීවන හා ජාතික භාෂා අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් සියයට තිහක පමණ පිරිසක් සිංහල භාෂාව ඉගෙනගෙන තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ සිංහල ජනතාවගෙන් සියයට දහයක්වත් දෙමළ භාෂාව ඉගෙන ගෙන නොමැති බවයි.

"එ් නිසා සිංහල ජනතාවට දෙමළ භාෂාව ඉගැන්වීම ප්‍රධානම වගකීමක් වනවා".

"ඉගැන්වීම හා ඉගෙන ගැනීම පමණක් නෙමයි භාවිතයත් එ් වගේම වැදගත් වනවා"

දීර්ඝ කාලයක් තිස්සේ මෙම අමාත්‍යාංශයේ කරගෙන ආ කටයුතු තවත් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේද මෙම අමාත්‍යාංශ භාරව සිටියේ වාම දේශපාලනඥයකු වන වාසුදේව නානායක්කාර මහතායි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...