14 වෙනිදට දෙකෙන් එකක් බේරගන්නවා - Lanka News Web (LNW)

14 වෙනිදට දෙකෙන් එකක් බේරගන්නවා

එළඹෙන 14 වැනිදා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ජන්ද විමසීම සිදුවන බව හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කුමන පාර්ශවයටද යන්න නිශ්චය කරගත හැකි බවයි හිටපු අමාත්‍යවරයා කියාසිටියේ.

14 වැනිදා කැඳවන පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අකාරය පිළිබඳ කථානායකවරයා විසින් න්‍යාය පත්‍රය ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඊට යටත් බව ඔහු ප්‍රකශ කළේය.

මෙම ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාම තුළ රටේ ආර්ථික කඩාවැටීම මෙන්ම රාජ්‍ය පරිපාලනය පවා කඩාවැටී ඇති බව පෙන්වාදුන් අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ මේ වන විට කාගේ නියෝග පිළිපදින්නේද යන බරපතල ගැටළුවට මුහුණ දී සිටින බවයි.

එහෙයින් 14 වැනිදාට මෙම ප්‍රශ්නය විසඳාගෙන මිස පාර්ලිමේන්තුවෙන් නොපැමිණෙන බවයි හෙතෙම අවධාරණය කළේ.

 

නවතම පුවත්

අප්‍රේ 26, 2019

අපිට කෙළවුණේ බුර්කාව නිසා (VIDEO)

"අපිට කෙළවුණේ බුර්කාව නිසා" යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

අප්‍රේ 26, 2019

නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

අද සන්ධ්‍යාවේ කල්මුනේ ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය…
අප්‍රේ 26, 2019

වෙන්න ගිය මහා විනාශයක් වළක්වමින් සමන්තුරෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී

සමන්තුරෙයි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට ගන්නා…

අප්‍රේ 26, 2019

ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව කැනඩාවට පිවිසීමට එරට අගමැතිගෙන් යෝජනාවක් !

වීසා නොමැතිව කැනඩාවට පිවිසීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් එරට පාර්ලිමේන්තුවට…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb