ශ්‍රීලනිප රැස්වීමට මහින්ද පැමිණ නෑ. ජනමත විචාරණයක් ගැන සාකච්ඡා - Lanka News Web (LNW)

ශ්‍රීලනිප රැස්වීමට මහින්ද පැමිණ නෑ. ජනමත විචාරණයක් ගැන සාකච්ඡා

අද (08) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී නොමැත.

 

මෙම රැස්වීම අද පස්වරුවේ බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් මෙම රැස්වීමේදී මූලිකව ම සාකච්ඡා කෙරී ඇත්තේ ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල තවත් වැඩි කරගැනීම සම්බන්ධයෙනි. මහින්ද - මෛත්‍රී එකමුතුවත් සමගම ශ්‍රීලනිපය තුළ සියලුම කටයුතුවලදී දැන් මූලිකයා වී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාය. ඒ නිසා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරමින් පක්ෂය තුළ තමන්ගේ බලය වැඩිකරගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට වුවමනා වී තිබේ. එවැනි සාකච්ඡාවකට තමන් සහභාගී වීම විහිළුවක් වන නිසා මහින්ද රාජපක්ෂ මහතා මෙම රැස්වීම මඟ හැර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ද මෙම ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාවේදී අවධානය යොමුව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳව කරුණු දක්වා ඇති අතර නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සිදුවන්නේ කුමක්ද යන්න සලකා බලා තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සබැඳි පුවත් - 

ශ්‍රීලනිප ඉහළම තනතුරක් පොහොට්ටුවේ මහින්දට !

ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව මෛත්‍රී - මහින්ද ප්‍රධානත්වයෙන්

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

ශ්‍රී ලංකාවේ පිපිරීම් : ජනාධිපතිට විවේචන - පොලිසිය යළි සාගලට !

අප්‍රේල් 22, 2019

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...