උතුරු නැගෙනහිර සංවර්ධනය ගැන ජනපතිගේ අවධානය - Lanka News Web (LNW)

උතුරු නැගෙනහිර සංවර්ධනය ගැන ජනපතිගේ අවධානය

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිව් වන වරටත් ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

 

උතුරු නැගෙනහිර පළාත්හි මතුව ඇති සංවර්ධන ගැටලු සහ ජනතා අවශ්‍යතා පිළිබඳ තොරතුරු පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ඉදිරිපත් කර ඇත.

එම ප්‍රදේශයන්හි ප්‍රධාන ප්‍රශ්නයක්ව පවතින ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන බවද එහිදී දැනුම් දී තිබේ.දෙසැම්බර් 31 වැනිදාට පෙර එම සියලු ඉඩම් නිදහස් කිරීම් අවසන් කිරීමටද නියමිතය.

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ භාරයේ පැවති රජයේ ඉඩම්වලින් සියයට 79.01 ක් ද, පෞද්ගලික හිමිකාරිත්වය සහිත ඉඩම්වලින් සියයට 90.02 ක් ද මේ වන විට නිදහස් කර තිබේ.

එම ප්‍රදේශයන්හි විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම මෙන්ම කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබඳව ද සාකච්ජා කර ඇත.

මෙම සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය වඩා සුභදායක තත්ත්වයකට පත්වනු ඇති බවට සමාලෝචනය කර තිබේ.

විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද, උතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය

maithri 01

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...