Update 4; රාජ්‍ය සේවයේ පොදු නීතිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට අදාළ නොවේද? - Lanka News Web (LNW)

Update 4; රාජ්‍ය සේවයේ පොදු නීතිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට අදාළ නොවේද?

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මේ වන විට ඇප මත නිදහස්ව සිටියද ඔහුට එරෙහිව එල්ල වී තිබුණේ අපරාධ චෝදනාවකි.

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන "නේවි සම්පත්"නමැත්තාට රැකවරණ ලබාදීම සහ රටින් පිටවීමට ආධාර අනුබල දීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එල්ලවූ චෝදනාවය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා යනු රජයේ නිලධාරියෙකි. එසේ මෙසේ නිලධාරියෙකුද නොවේ. රටේ ආරක්ෂක සේවයේ ඉහළම නිලධාරියාය. රාජ්‍ය සේවයේ පවත්නා නීතියට අනුව අපරාධ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතවූ ඕනෑම රජයේ සේවකයෙකු වැඩතහනමට ලක්කළ යුතු වෙයි. එය අසාමාන්‍ය කොන්දේසියක් නොවන අතර එය රාජ්‍ය සේවයේ නියුතු සියළු දෙනාම බැඳී සිටින නීතියකි.

එහෙත් මේ වන තෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන් එම නීතිය බලාත්මක වී නැත. ඔහු තවදුරටත් එම ධූරයේ කටයුතු කරමින් හිඳියි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පමණක් දැන් එම පොදු නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි වගකිවයුත්තන් පැහැදිලි කළ යුතුය.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...