රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහී වීම ගැන කතානායක සොයා බලයි - Lanka News Web (LNW)

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහී වීම ගැන කතානායක සොයා බලයි

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දීමෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. 
විශේෂයෙන් ගුවන් විදුලි සංස්ථාව පාර්ලිමේන්තු විවාද විකාශය කිරීම හදිසියේ අත්හිටුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාගෙන් කරුණු විමසූ බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
 
කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.....
 
ප්‍රවෘත්ති නිවේදනයයි
රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවට අද (05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙනු ලැබීය.
මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරවීම සහ පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා  ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (05) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැදවනු ලැබීය.
පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරනය තුල පූර්ණ ස්වාධිනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා සඳහන් කරන ලදී.
‍මේ අනූව,කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාල උපදෙස් නිකුත් කරනු  ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම, ගුවින් විදුලි සංස්ථාවේ සජීවී විකාශනය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්‍රකාශ කළ ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා  හැකි ඉක්මණින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු කරන ලදී.
කතානායක මාධ්‍ය අංශය

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

චන්දික හතුරුසිංහ සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගය අද

පෙබරවාරි 21, 2019

චන්දික හතුරුසිංහගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින්...