"රනිල් එජාපයේ පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ දෙන් නෑ" මෛත්‍රී - Lanka News Web (LNW)

"රනිල් එජාපයේ පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ දෙන් නෑ" මෛත්‍රී

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා පවසයි.
 
රටේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරගත යුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ.
 
පක්ෂය තුළ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙසැම්බර් 5 බදාදා  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
 
කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපතිතුමා එම සාකච්ඡාවේදී  අවධාණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
 
පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රීයව ඉදිරියට ක්‍රියාත්මක  කිරීමට නිලධාරින් කැපවිය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කර තිබේ.
 
පසුගිය වසර තුනහමාර තුළ පැහැරහරින ලද උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටු කිරීමට උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් තමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ සුවිශේෂී මෙහෙවරක් ඉටු වෙමින් පවතින බව ද ජනාධිපතිතුමා එම සාකච්ඡාවේදී සදහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.
 
CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...