මහින්දගේ ඇපෑල විභාග කරන්න විනිසුරුවරු නෑ! නව විනිසුරුවරු දිවුරුමට ජනාධිපතිට වෙලාවක් නෑ!! - Lanka News Web (LNW)

මහින්දගේ ඇපෑල විභාග කරන්න විනිසුරුවරු නෑ! නව විනිසුරුවරු දිවුරුමට ජනාධිපතිට වෙලාවක් නෑ!!

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කිරීම සහ කැබිනට් මණ්ඩලයේ කටයුතු වාරණයට ලක් කරමින් අභියාචනාධිකරණය ලබාදුන් රීට් ආඥාවට එරෙහිව ඊයේ (05) මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඇපෑලක් ගොනු කළේය.

කෙසේ වෙතත් එම ඇපෑල විභාගයට ගැනීම සඳහා මෙතෙක් දින වෙන්කර නොමැත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය මේ දිනවල පැවැත්වෙන අතර ඒ විනිසුරුවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. එම පෙත්සම් විභාගය හෙට (07) දිනයේදී ද පැවැත්වීමට නියමිත වේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඉදිරිපත් කළ ඇපෑල විභාගයට ගැනීමට සිදුවන්නේ හෙට පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසුවයි.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිටිය හැකි උපරිම විනිසුරුවරුන් ප්‍රමාණය අගවිනිසුරුවරයාද සමග 11 කි. එසේ වුවද මේ වනවිට කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 9 දෙනෙකු පමණි. ඒ අතරින් ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත අතර ඒ අනුව ඇය මේ වනවිට විනිශ්චය කටයුතුවලින් වැලකී සිටින බවයි ඊයේ පාර්ලිමේන්තුවෙදී විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එවිට ඉතිරි වන්නේ එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පමණි.

මහින්ද පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට ගැනීමට කල් දැමීමට මෙම තත්ත්වය හේතු වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන අතර ඊට අදාල නම් නිර්දේශ කරන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි. ව්‍යවස්ථාදායක සභාව විසින් පුරප්පාඩු වී ඇති විනිසුරු තනතුරු දෙක සඳහා තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් දෙදෙනා නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ ජනාධිපතිවරයා වෙත යවා ඇත්තේ පසුගිය ඔක්තෝබර් 25 වැනිදාය.

මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවී තිබියදී පවා ජනාධිපතිවරයා විසින් ඔවුන්ගේ දිවුරුම් දීම ප්‍රමාද කරමින් සිටින අතර ඔවුන් දෙදෙනා දිවුරුම් දී සිටියේ නම් මහින්ද පාර්ශ්වය ඉදිරිපත් කළ ඇපෑල ද මේ වනවිට විභාගයට ගැනීමට හැකි වනු ඇත.

රටේ පවතින දේශපාලන අර්බුදය, ව්‍යවස්ථාමය අර්බුදය හමුවේ මේ වනවිට ජනාධිපතිවරයා අතිශය කාර්යබහුල වී ඇති නිසා එකී දිවුරුම් දීම සඳහා ජනාධිපතිවරයාට වේලාවක් වෙන්කර ගැනීමට නොහැකිව සිටිනවා විය හැකිය. කෙසේ වෙතත් රටේ පවතින අර්බුද හමුවේ අධිකරණය ද විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අතිශය තීරණාත්මකය. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාව සිය නිර්දේශ ලබා දී තිබියදී පවා ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම ගැටලුසහගතය.

UN

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb