මල් විකිණීමෙන් 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 16 ක් - Lanka News Web (LNW)

මල් විකිණීමෙන් 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 16 ක්

මල් හා විසිතුරු ශාක අපනයනය කිරීමෙන් 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 16 ක් උපයා තිබේ.

නිෂ්පාදිතයෙන් 39% ක්ම සජීවී ශාක ලෙස අපනයනය වී ඇති අතර 60% ක් විසිතුරු පත්‍ර ලෙස අපනයනය වී ඇත.

2017 වසරේදී විසිතුරු පැළ නිෂ්පාදනය සඳහා ලෝක ඉල්ලුම ඩොලර් බිලියන 19 ක් පමණ වන අතර එයින් ශ්‍රී ලංකාවේ අපනයන දායකත්වය 0.17% කි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දේගමගේ මහත්මිය සදහන් කරන්නේ ශ්‍රි ලංකාවේ ස්වභාවික පිහිටීම මෙම ක්ෂේත්‍රයේ වර්ධනයට ආශීර්වාදයක් බවයි.

ඒ තුලින් අනාගතයේදී ශ්‍රී ලංකාව විසිතුරු පැල සපයන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අරමුණ බව ඇය සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පසුගියදා පැවැත් වු අපනයනය සඳහා විසිතුරු ශාක පැළ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික වැඩමුළුවක් අමතමිනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික ශාක නිරෝධායන සේවාව‚ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව හා විසිතුරු පැළ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහයෝගීත්වයෙන් අපනයනය සඳහා විසිතුරු පැළ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික වැඩමුළුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දෙසැම්බර් 4 වන දින පවත්වා තිබේ.

ලෝකයේ ඉහළ ජීවන තත්ත්වයන් වර්ධනය වීමත් සමඟම, පෞද්ගලික පරිහරණය සඳහා ස්වභාවික විසිතුරු පැළ මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් මේ වන විට දක්නට තිබේ.

එසේම, ව්‍යාපාර ස්ථානවල, මංගල උත්සව සහ ගෘහස්ථ සැරසිලි සඳහා ස්වභාවික විසිතුරු පැළ යොදා ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරති.

යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදය

යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ස්වභාවික විසිතුරු පැළ යොදා ගනිමින් ගෘහ අලංකරණයට වර්තමානයේ ඉහල ප්‍රවණතාවයක් ඇත.

එබැවින් ගෝලීය වෙළෙඳපොළ තුළ හොඳම තත්ත්වයේ විසිතුරු පැළ සඳහා ඉල්ලුමක් පවතී.

විසිතුරු මල් හා පැළ කර්මාන්තය ඉහළ ආදායම් ලබන කෘෂි ව්‍යාපාරයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපයෝගී කරගත හැකිය.

එසේම, ජාතික ආර්ථිකයට කාන්තා ශ්‍රම දායකත්වය ලබා ගැනීමට ඇති අවස්ථාවක් ලෙසද මෙම ක්ෂේත්‍රය හඳුනාගත හැකිය.

අපනයන වෙලඳපොල අරමුණු කරගන්නා ව්‍යාපාරයක අපනයන ප්‍රමිතියේ පවතින විසිතුරු ශාක හා පත්‍ර විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කිරීම කළ යුතු බව අපනයන සංවර්ධන මණ්ඩලයේ කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දේගමගේ මහත්මිය පෙන්වා දෙයි.

අපනයනය කිරීමට පෙර ආනයනය කරන රටවලට අනුව නීති හා රෙගුලාසි වලට අදාල ශාක නිරෝධායන සහතිකය ලබාගත යුතුය.

වත්මන් නිෂ්පාදනය අපනයන සඳහා ප්‍රමාණාත්මක නොවන බැවින් නව ආයෝජනයන් ප්‍රවර්ධනය සඳහා තාක්ෂණික දැනුම ලබාදීමෙන් ශ්‍රී ලාංකිකයන් දිරිමත් කළ යුතු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති බව එම මණ්ඩලය සදහන් කරයි.

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...