වතු කම්කරුවන්ගේ වැටුප් ගැන එජාපෙ කම්කරු නායකයන්ගේ පරස්පර කතා - Lanka News Web (LNW)

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන එජාපෙ කම්කරු නායකයන්ගේ පරස්පර කතා

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රු.1000 දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව තිබෙන සංවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ දේශපාලන නායකයන් එකිනෙකට පරස්පර මත දරමින් හිඳින බව පෙනෙන්නට තිබේ.

අරලියගහ මන්දිරයේ ඊයේ (05) පැවති මාධ්‍ යහමුවේදී මේ බව අනාවරණ විය.

විශේෂයෙන් මේ වන විට එම වැටුප් වැඩිකරගැනීම සඳහා වතුකම්කරුවන්ද දැඩි අරගලයක නිරතවෙමින් හිඳියි.

එවන් පසුබිමක් තුළ එම ජනතව නියෝජනය කරන දේශපාලන නායකයන් පරස්පර මත දැරීම බරපතල කාරණයකි.

ඒ අනුව හිටපු අමාත්‍ය පලනි දිගම්බරන් මහතා සඳහන් කළේ වතුකම්කරුවන් නියෝජනය කරන පාර්ශව සහ වතු හාම්පුතුන්ගේ පාර්ශවය අතර එකඟතාවකට පැමිණිය යුතු අතර එසේ නොකර රු. 1000ක් දක්වා වැටුප් වැඩිකළ යුතු බවට ප්‍රකාශ කිරීම අසාධාරණ බවයි.

නමුත් එම මාධ්‍ය හමුවේදීම අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කළේ වතු සමගාම් පාඩු ලබන බව පිළිගත නොහැකි බවයි. ඒ අනුව රු.1000ක් දක්වා වතු කම්කරු වැටුප ඉහළ දැමිය යුතු බවට කර තිබෙන ඉල්ලීම සාධාරණ බවයි ඔහු කියා සිටියේ.

වතු සමාගම්වලට මෙම ඉල්ලීම කළ හැකිද යන්න පිළිබඳ ප්‍රථමයෙන් සොයා බැලිය යුතු අතර එසේ නැත්නම් ඊළඟ විකල්පය කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා ප්‍රකශ කළේය.

DNP

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb