බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ අයදුම්කරුවන්ට පරිගණකය ඔස්සේ "IELTS" පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව - Lanka News Web (LNW)

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ අයදුම්කරුවන්ට පරිගණකය ඔස්සේ "IELTS" පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ IELTS අයදුම්කරුවන්ට 2018 නොවැම්බර් 21 වන දින සිට පරිගණකය ඔස්සේ එම පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව හිමි වී ඇත.

IELTS යනු ලොව ජනප‍්‍රියතම ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රවීණතා පරීක්ෂණයයි.

දෙසැම්බර් 5 වන දින කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිල පරිශ‍්‍රයේදී මෙම නව ක‍්‍රමවේදය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනක් සහ මාධ්‍ය හමුවක් පවත්වන ලදි.

රට පුරා විසිරී සිටින IELTS අයදුම්කරුවන්ට දැන් වඩාත් පහසුවෙන් එම පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ කෙසේද යන්න මෙහිදී රැස්ව සිටි පිරිසට පෙන්වා දීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය කටයුතු කළේ ය.

පරිගණක පදනම් කරගත් මෙම පරීක්ෂණ ක‍්‍රමවේදය මගින් සතියකට පරීක්ෂණ වාර වැඩි ගණනක් පැවැත්වීමේ අවස්ථාව හිමිවී ඇති නිසා, සාම්ප‍්‍රදායික මුද්‍රිත පරීක්ෂණ ක‍්‍රමයට සාපේක්ෂව, වඩාත් පහසුවෙන් තම පරීක්ෂණ දින යොදාගැනීමේ අවස්ථාව අයදුම්කරුවන්ට හිමි වී තිබේ.

තවද සාම්ප‍්‍රදායික පරීක්ෂණ ක‍්‍රමයේදී ප‍්‍රතිඵල නිකුත් වීමට දින 13 ක් ගතවන නමුත් නව ක‍්‍රමයේදී ඒ සඳහා ගතවනුයේ දින 5 ක් පමණි.

‘‘IELTS පරීක්ෂණ ක‍්‍රමවේද වැඩිදියුණු කිරීමට මෙන්ම අයදුම්කරුවන්ට වඩාත් පහසුවෙන් එම පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට අප නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. පරිගණකය ඔස්සේ මෙම පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව හිමිවීම අයදුම්කරුවන්ට විශාල පහසුවක් වේවි.” ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂක ජිල් කැල්ඩිකොට් මහත්මිය සදහන් කළාය.

නව ක‍්‍රමය යටතේ අයදුම්කරුවන්ට පරිගණයක් භාවිතයෙන් සවන්දීම, කියවීම සහ ලිවීම යන අංශ සම්පූර්ණ කළ හැකි අතර කථන පරීක්ෂණය පමණක් මුහුණට මුහුණලා සිදුකරනු ලැබේ.

මුල් අදියර තුන එකම දවසක සිදුකළ යුතු වුවද කථන පරීක්ෂණය ඊට සතියක් දක්වා කාලයක් තුළ (පෙර හෝ පසු) සම්පූර්ණ කළ හැක.

කෙසේ වුවද, ක‍්‍රමවේදය කුමක් වුවත් පරීක්ෂණයේ ලකුණු ක‍්‍රමය, කාල සීමාව සහ ස්වභාවය වෙනස් වී නැත.

‘‘පරිගණක ක‍්‍රමය හඳුන්වා දෙන්නේ සාම්ප‍්‍රදායික මුද්‍රිත ක‍්‍රමය වෙනුවට නොවෙයි.එය අයදුම්කරුවන්ට කැමති ක‍්‍රමයක් තෝරාගැනීමට අවස්ථාව ලබාදීමක් පමණයි. මුද්‍රිත පරීක්ෂණයේදී භාවිතා වන ආරක්ෂක ක‍්‍රමවේද මෙහිදීත් එලෙසම භාවිතා වනවා. ඒ නිසා කවර ක‍්‍රමවේදය තෝරාගත්තත් අයදුම්කරුවන් මුහුණදෙන්නේ ලොව පුරා පිළිගත් එකම විශ්වාසනීය පරීක්ෂණයට වන බව සහතිකයි.” ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විභාග අධ්‍යක්ෂක රොබ් ලෝ මහතා සදහන් කළේය.

ලොව උසස් අධ්‍යාපනය සහ විදේශගත වීම් හා සම්බන්ධ ජනප‍්‍රියතම ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රවීණතා පරීක්ෂණයක් වන IELTS පරීක්ෂණයට ලොව පුරා වසරකට මිලියන 3 කට අධික අපේක්ෂක පිරිසක් පෙනී සිටිති.

අධ්‍යාපන ආයතන, සේවායෝජක ආයතන සහ විදේශගත වීම් සම්බන්ධ බලධාරී ආයතන 10,000 කට අධික සංඛ්‍යාවක පිළිගැනීම හිමි මෙම පරීක්ෂණය, විදේශයක පදිංචි වීම, අධ්‍යාපනය ලැබීම හෝ රැකියා සඳහා පිටත් වීමට අපේක්ෂාවෙන් සිටින ශ‍්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය පරීක්ෂණයක් බවට පත්වී ඇත.

පරිගණක භාවිතයෙන් IELTS පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ ක‍්‍රමවේදය මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 2017 වසරේ ඕස්ට්‍රේලියාවේදී ය.

2018 වසරේදී එය IELTS ජාලය පුරාවටම ව්‍යාප්ත කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඉංග‍්‍රීසි භාෂා අධ්‍යාපන ආයතනය වන බ්‍රිතාන්‍ය කවුන්සිලය දැනට කොළඹ පිහිටි සිය පරිශ‍්‍රය තුළදී සතියකට තුන් වරක් IELTS පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවස්ථාව සලසා දී ඇත.

ඉදිරි මාස කිහිපය තුළදී මෙය දිනකට වාර තුනක් දක්වාද වැඩි කිරීමට දැනටමත් සැලසුම් කර තිබේ.

පරිගණකයක් භාවිතයෙන් IELTS පරීක්ෂණයට පෙනී සිටීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා https://takeielts.britishcouncil.org/ielts-on-computer වෙත පිවිසෙන්න.

චතුරංග බණ්ඩාර

British Council 2

British Council 3

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...