ලාංකික ශ්‍රමිකයන් 222 ක් විදෙස් රටවලදී මරුට - Lanka News Web (LNW)

ලාංකික ශ්‍රමිකයන් 222 ක් විදෙස් රටවලදී මරුට

මේ වසරේ ගත වූ මාස 11 ක කාලය තුළ විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙසිය විසි දෙදෙනෙකු විවිධ හේතූන් මත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම පිරිසෙන් පනස් දෙනෙක්ම කාන්තාවන් වන අතර මියගිය පිරිස අතරින් පුද්ගලයන් 145 දෙනෙකු ස්වභාවික හේතූන් මත මියගොස් තිබේ.

එමෙන්ම සියදිවි හානිකරගැනීම් හේතුවෙන් පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් සදහන් කරයි.

මාර්ග අනතුරු හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයන් ගණන 21 කි.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු මෙරටට ගෙන්වීම සඳහා මේ වසර තුළ රුපියල් මිලියන 7ක පමණ මුදලක් වැය වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ සෞදි, කුවේට් සහ කටාර් යන රටවල සේවයේ නිරතව සිටියදීය.

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...