ඇමති රාජිතට එරෙහිව පළවන වාර්තා අසත්‍යයි - Lanka News Web (LNW)

ඇමති රාජිතට එරෙහිව පළවන වාර්තා අසත්‍යයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෘද රෝගී තත්ත්වයෙන් පසුවන බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඊයේ දිනයේදී අරලියගහ මන්දිරයේ පැවති කණ්ඩායම් රැස්වීමටද සහභාගී වූ බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

අනතුරුව පැවති බෝධි පූජාවට ද සහභාගී වී ඇති අතර ඊට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මත්මිය ද සහභාගී වී තිබේ.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ඔහු ගෙන යන වැඩපිළිවෙළ අඩපණ කිරීම සඳහා දේශපාලන විරුධවාදීන් විසින් මෙලස ලැජ්ජාසහගත ලෙස හැසිරෙමින් සිටින බව එම මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.

පසුගිය කාලයේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ද අමාත්‍යවරයාගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් අසත්‍ය ප්‍රචාර සිදුකළ බවද ඔවුන් සිහිපත් කරයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

කරුණු විකෘති කරන්න් එපා - ජර්මන් තානාපති ‌‌මෛත්‍රීට කියලා

දෙසැම්බර් 6, 2018

ජර්මනියේ මාස 06 ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය...

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

ජනාධිපති සිරි‌සේන හාන්සි කරවන රජිත් කීර්තිගේ ලීක්වුණු කෝල් එක මෙන්න

දෙසැම්බර් 6, 2018

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...