කාලගුණ අවදානම් අතිනුත් අපි ලෝකෙම ඉහළ තැනක - Lanka News Web (LNW)

කාලගුණ අවදානම් අතිනුත් අපි ලෝකෙම ඉහළ තැනක

ලබන වසරේ වැඩිම කලගුණ අවදානම් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබෙන බව වාර්තා වේ.

ලෝක කාලගුණික අවදානම් දර්ශකයේ 2019 නවතම වාර්තාව තුළ මෙසේ ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇත.

ජර්මන් වොච් (German Watch) නමැති ආයතනය විසින් මෙම දර්ශකය සකස් කර ඇති අතර 1998 වසරේ සිට 2017 වසර දක්වා ඒ් ඒ් රටවල කාලගුණික වෙනස්කම් හා ඊට අදාල දත්ත සලකා බැලීමෙන් මෙම දර්ශකය සකස් කර තිබේ.

මෙකී දර්ශකය අනුව ලබන වසරේ කාලගුණික අවදානම් වැඩිම රට වනු ඇත්තේ දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ රාජ්‍යයයි.

පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකාව එම දර්ශකයේ සිව්වැනි ස්ථානය හිමි කරගෙන තිබිණි. පසුගිය 2017 වසරේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, පුවර්ටෝ රිකෝ, ඩොමිනිකා යන රටවල් වැඩිම අවදානම් සහිත රටවල් ලෙස නම්කර තිබූ අතර නේපාලය, පේරු සහ වියට්නාමය යන රටවල් ද කාලගුණ අවදානම් අධික රටවල් ලෙස හැඳින්විණි.

ජර්මන් වොච් ආයතනයේ කාලගුණ අවදානම් දර්ශකය ඊයේ (05) පෝලන්තයේ කටොවිස් නගරයේදී එළිදැක්විණි.

weather 02

weather 01

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

කරුණු විකෘති කරන්න් එපා - ජර්මන් තානාපති ‌‌මෛත්‍රීට කියලා

දෙසැම්බර් 6, 2018

ජර්මනියේ මාස 06 ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය...

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

ජනාධිපති සිරි‌සේන හාන්සි කරවන රජිත් කීර්තිගේ ලීක්වුණු කෝල් එක මෙන්න

දෙසැම්බර් 6, 2018

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...