අගමැති ධුරය භාර ගන්නා ලෙස ඇරයුම් කරනු ලැබුවේ වාසුදේව නානායක්කාර මහතා යැයි, අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් මේ වන විට අගමැති ධුරයේ රාජකාරි කිරීමට නොහැකිව සිටින මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"ඇවිල්ලා කිව්වහම මම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ පක්ෂ වශයෙනුත් අනිත් අයත් එක්කත් සාකච්ඡා කරලා අපි තීන්දුවකට ආවා මේ වෙලාවේ අපෙන් වෙන්න ඕන මොකක්ද, අපි ඇයි මේ ආණ්ඩුවත් එක්ක එක්කහු වෙන්න ඕන. සිරිසේන ජනාධිපතිවරයත් එක්ක එක්කහු වෙන්න ඕන ඇයි කියලා."
මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සදහන් කළේ වර්තමාන දේශපාලන තත්ත්වය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධීකරණය ඉදිරියේ ඉදිරිපත් වී ඇති නඩු කටයුතු සම්බන්ධයෙන් නීතීඥවරුන් සමග 5 බදාදා සවස විජේරාම නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදීය.
මුලික කාරනා දෙකක් පදනම් කරගනිමින් අගමැති ධුරය බාර ගත් බව සදහන් කරන මහින්ද රාජපක්ෂ මහතා නීතිඥවරුන් හමුවේ කියා සිටියේ එහි පළමු කරුණ වන්නේ සම්මුති ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතව තිබූ ව්‍යවස්ථාව බවයි.
"මේ රටේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත උනානම් අපිට මුහුණ පාන්න වෙන්නේ මොකක්ද?"
දෙවැනි කරුණ ලෙස මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, රටේ සම්පත් විදේශිය රටවලට විකිණීම වේගයෙන් සිදුවූ බැවින් එය වලක්වාලීමට අවශ්‍ය වූ බවයි.
CR