ජනාධිපතිගේ ගැසට් නිවේදනයට එරෙහි තහනම දෙසැ 08 දක්වා දීර්ඝ කරයි - Lanka News Web (LNW)

ජනාධිපතිගේ ගැසට් නිවේදනයට එරෙහි තහනම දෙසැ 08 දක්වා දීර්ඝ කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද දිනයට අවසන් වූ අතර ඒ් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (07) දිනයේදී ද පැවැත්වීමට නියමිත වේ.

මෙම පෙත්සම් විභාගය, අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රධාන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය දෙසැම්බර් 08 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

අද අතරමැදි පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතර ඒ් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්ව සිටියහ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

පෙබරවාරි 11, 2019

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක...