ඇමතිකම් ප්‍රශ්න විසඳාගත යුතුයි - ජනපතිව දුරස්ථ කරන්නේ කීපදෙනයි - Lanka News Web (LNW)

ඇමතිකම් ප්‍රශ්න විසඳාගත යුතුයි - ජනපතිව දුරස්ථ කරන්නේ කීපදෙනයි

පාලිත රංගේ බණ්ඩාර මහතාට අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවත් එය ලැබෙන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

 

ඒ මහතා පෙන්වා දෙන්නේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා කටයුතු කෙරෙන බවත් එම ක්‍රියාදාමයෙහි යම් ගැටළුවක් මතු වී ඇති බවත් එය ඉතා ඉක්මනින් විසඳා ගන්නා බවත්ය.

එසේම මෙවන් සිත් අමනාපකම් ඇතිවන සිද්ධි ගණනක් ම මතුව ඇති බව පවසන රවී කරුණානායක මහතා එය විසඳීම සඳහා මාර්ගයක් ඇති බවත් කාල වකවානුවකට පෙර ඒවා විසඳා අවසන් කළ යුතු බවත් අවධාරණය කළේය.

එසේම තමන්ගේ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් කරුණානායක මහතා පැවසුවේ අගමැතිවරයා තමන්ට දෙන බවට පොරොන්දු වූ අමාත්‍යාංශය තමන්ට නොලැබුණු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ ගමන ඉදිරියට යා හැකි බවත් ඒ මහතාව දුරස්ථ කරන්නේ කළු බැටළුවන් කිහිප දෙනෙකු කරන ක්‍රියාවන් බවත් පෙන්වා දුන් ඒ මහතා ඔවුන්ව හැකි ඉක්මනින් පක්ෂය විසින් නිවැරදි කළ යුතු බවත් සමහර අවස්ථාවල ඇඟිල්ල කපා හෝ ශල්‍යකර්මය කිරීමට සිදුවන බවත් සඳහන් කළේය.

RN

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

ජනවාරි 10, 2019

එදා අවසන් සටනේ අවසන් දිනවල LTTE නායකයන් විසින් ඔවුන්ගේ සටන්කාමීන්...