මෛත්‍රී - සජිත් ගනුදෙනුව තේරෙනවා. වෙලාව එනකල් අපිත් ඉන්නේ ! - Lanka News Web (LNW)

මෛත්‍රී - සජිත් ගනුදෙනුව තේරෙනවා. වෙලාව එනකල් අපිත් ඉන්නේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ගනුදෙනුව කුමක්දැයි රටම ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

 

එම පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඊයේ (10) පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව කටයුතු කරන බවක් සියල්ලන් සිතා සිටින බැවින් මේ මෛත්‍රී - සජිත් ගනුදෙනුව කුමක්දැයි ජනතාව තමන්ගෙනුත් ප්‍රශ්න කරන බවයි.

"අපි දැක්කා පහුගිය වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය තියාගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පල නොකියා පළා බෙදනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා බොහෝම හිනාවෙලා මේ සියල්ල අනුමත කරනවා වගේ අහගෙන ඉන්නවා. එහෙම අනුමත කරනවා වගෙ අහගෙන ඉන්න ගමන් ජනාධිපතිතුමාත් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් වර්ණනා කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාව තියාගෙන. ඊයේ පෙරේදා කළුගඟේ යනවා. කාර් එකෙන් එකට ගිහිල්ලා දෙන්නට දෙන්නා වර්ණනා කරගනිමින් කටයුතු කරනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

මේවා කතා නොකර සිටිය නොහැකි බව පැවසූ ඒ මහතා ගමනක් යන්නේ නම් හරි තීන්දුවක පිහිටා කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ද පැවසුවේ තමන්ට මේවා නොතේරෙනවා නොවන බවත් හොඳටම තේරෙන බවත් කිව යුතු අවස්ථාව පැමිණෙන තෙක් තමන් බලා සිටින බවත් ය.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...