ලං.වි.ම. වැඩ අවසන් නොවූ විදුලි ව්‍යාපෘති විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට - Lanka News Web (LNW)

ලං.වි.ම. වැඩ අවසන් නොවූ විදුලි ව්‍යාපෘති විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතින්හි වර්තමාන ප්‍රගතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට යොමුව තිබේ.

පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්, ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් හමුවූ අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව කරුණු විමසා ඇත.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී වැඩ ආරම්භ කර ඇති විදුලි ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වය පිළිබඳව ඊට අදාල නිලධාරීන් වෙතින් කරුණු විමසූ අමාත්‍යවරයා, මේ වනතෙක් වැඩ අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට නොහැකි වීමට බලපෑ හේතු පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ravi karunanayaka 01

2015 වසරේ සිට මේ දක්වා පියසි මත සවිකළ සූර්යබල පද්ධති හැරුණුකොට, ජාතික විදුලිබල පද්ධතියට යම් ධාරිතාවයක් එක්කිරීමට සමත් කිසිදු විදුලි ව්‍යාපෘතියක් ස්ථාපිත කර නොමැති බවත්, මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කරගැනීමට නම්, විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි යොමුකළ යුතු අතර, එසේම මේ වනවිට ඉදිකිරීමට යෝජිත සියලු ව්‍යාපෘති හැකිතාක් කඩිනම් කළ යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා අවධාරණය කර ඇත.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංවිම සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී තිබේ.

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

ශ්‍රීලනිප - පොහොට්ටු අර්බුදය ; මෛත්‍රී මහින්දට හතර ගාතෙන් යන්න ගැහුවා කිව්වේ 2015 ගැනයි - දයාසිරි

මාර්තු 13, 2019

මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට දින 45ක් තුළ හතර...

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

මාර්තු 16, 2019

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල්...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...