නැත්ත වෙනුවට ඇත්ත ; විමල් නඩුවෙන් පරදී. කෝටියක් ගෙවන්නත් වෙයි ! - Lanka News Web (LNW)

නැත්ත වෙනුවට ඇත්ත ; විමල් නඩුවෙන් පරදී. කෝටියක් ගෙවන්නත් වෙයි !

විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.

 

ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී.

අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

- lanka truth

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

ශ්‍රීලනිප - පොහොට්ටු අර්බුදය ; මෛත්‍රී මහින්දට හතර ගාතෙන් යන්න ගැහුවා කිව්වේ 2015 ගැනයි - දයාසිරි

මාර්තු 13, 2019

මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට දින 45ක් තුළ හතර...

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

මාර්තු 16, 2019

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල්...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...