නව ව්‍යවස්ථාවේ විද්වත් කමිටු වාර්තාව: බුදුදහමට හෝ රටේ ඒකීයභාවයට හානියක් නැහැ - Lanka News Web (LNW)

නව ව්‍යවස්ථාවේ විද්වත් කමිටු වාර්තාව: බුදුදහමට හෝ රටේ ඒකීයභාවයට හානියක් නැහැ

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානයට හෝ රටේ ඒකීයභාවයට කිසිදු හානියක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් කමිටු වාර්තාව අද ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

දේශපාලන වශයෙන් බංකොලොත් වූ ඇතැමුන් වැරදි මතවාද සමාජගත කිරීමට උත්සහ දරන බව වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.

ඒ අනුව කිසිම අවස්ථාවක රට බෙදීමට අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

ඒකීය රාජ්‍යයක් තුළ පළාත් සභාවලට බලය ලබා දීම කෙසේ කරන්නේද යන්න සාකච්ජා කළ හැකි බවද අගමැතිවරයා සඳහන් කළේය.

"පසුගිය කාලයේ රට බෙදනවා කිව්වා. ඒකීයභාවය නැති කරන්න හදනවා කිව්වා. උතුරු නැගෙනහිර එකතු කරන්න හදනවා කිව්වා. ඒ කිසිම දෙයක් මෙහි නැති බව මේක කියෙව්වාම තේරෙනවා."

මේ අතර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමද ප්‍රධාන කාරණයක් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එක ජාතියක් තරහකර ගනිමින් තවත් කොටසකට පමණක් අයිතිවාසිකම් ලබාගැනීමට කටයුතු කිරීමෙන් ඇතිවන්නේ වෛරයක් බවත් එවැනි තත්ත්වයක් ඇතිකිරීමෙන් වලකින ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ එම යෝජනාවට එකඟ වන අතර ඒ සම්බන්ධයෙන් විවාදයක් ආරම්භ කළ හැකි බවයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...