තෙල් සංස්ථා ප්‍රහාරය ; පොහොට්ටු මන්ත්‍රී යළි රිමාන්ඩ්. ඉතිරි 6 පොලිසියට - Lanka News Web (LNW)

තෙල් සංස්ථා ප්‍රහාරය ; පොහොට්ටු මන්ත්‍රී යළි රිමාන්ඩ්. ඉතිරි 6 පොලිසියට

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළුවී හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂයින්ට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ යන අය ජනවාරි 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (11) නියෝග කළේය.

 

ඒ, එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

සිද්ධියට අදාළව අධිකරණයට භාරවීමට පැමිණි තවත් හය දෙනෙකුට පොලිසියට භාරවන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.

මෙම සිද්ධියේදී ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් කොස්තාපල් අරුණ ශ්‍රී නන්ද සිල්වා ද ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ අතර ඔහුට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධ තීරණය ද එදිනට ලබාදෙන බව ප්‍රකාශ කරන ලදී.

2018 ඔක්තෝබර් 28 වන දා හිටපු ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය කාර්යාලයට පැමිණි අවස්ථාවේදී සැකකාර පොහොට්ටු මන්ත්‍රීවරයා ඇතුළු මැර පිරිසක් ආයතන පරිශ්‍රයට කඩා වැදී රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට දරුණු ලෙස පහරදුන් අතර එක් ආරක්ෂක නිලධාරියකු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුමුවට පත්විය.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

ශ්‍රීලනිප - පොහොට්ටු අර්බුදය ; මෛත්‍රී මහින්දට හතර ගාතෙන් යන්න ගැහුවා කිව්වේ 2015 ගැනයි - දයාසිරි

මාර්තු 13, 2019

මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට දින 45ක් තුළ හතර...

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

මාර්තු 16, 2019

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල්...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...