නව ව්‍යවස්ථාව පිළිබඳ කමිටු යෝජනා 5 ක් පාර්ලිමේන්තුවට ! - Lanka News Web (LNW)

නව ව්‍යවස්ථාව පිළිබඳ කමිටු යෝජනා 5 ක් පාර්ලිමේන්තුවට !

යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පත්කල විද්වත් කමිටු විසින් සකස් කළ වාර්තා 05 ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය. එම වාර්තා ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් රට පාවාදෙන බවට ඇතැම් පාර්ශ්ව බියට පත්ව ඇති බවයි. එසේම බුදුදහමට ඇති ප්‍රමුඛතාවය ද අහිමි කරන බවට ඇතැම් පුද්ගලයන් චෝදනා කරන බව පෙන්වා දුන් අගමැතිවරයා ප්‍රකාශ කලේ එවැනි බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

අද පාර්ලිමේන්තුව පෙරවරු 11 ආරම්භ වූ අතර 12.30 දක්වා එය ක්‍රියාත්මක වූයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ලෙසයි.

කමිටු වාර්තා 05 ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති විවාදය සඳහා එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තවමත් කෙටුම්පත් කර හෝ නොමැති ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් බියට පත්ව ඇති බවයි. රටේ ඒකීයභාවය අහිමි කරන හෝ බුදුදහමට ඇති ප්‍රමුඛතාවය අහිමි කරන හෝ කිසිදු වගන්තියක් නව ව්‍යවස්ථාවට ඇතුළත් නොකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව පැවති විවාදයේ දී අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් පාර්ලිමේන්තුවට සුජාත භාවයක් නොමැති බවයි.

පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ජනතාවගේ බලයක් ලබාගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

විවාදයේදී දැක්වූ හිටපු විපක්ෂනාය ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාංවක් යනු දිගුකාලීන අවශ්‍යතාවක් බවයි.

පසුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා සම්බන්ධයෙන් විද්වත් කමිටු තුළඳ එකඟතාවක් නොමැති බවයි.

ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා මෙම විද්වත් කමිටු පත්කළ අතර නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදි එම විද්වත් කමිටු විසින් සකස් කළ වාර්තා සැලකිල්ලට ගනු ඇත. එක් එක් දේශපාලන පක්ෂ විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැක්වූ අදහස් ද සැලකිල්ලට ගනිමින් මෙම කමිටු වාර්තා සකස් කර තිබේ.

UN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...