පාඨලී, උතුර ගැන කතාව වෙනස් කරයි (VIDEO) - Lanka News Web (LNW)

පාඨලී, උතුර ගැන කතාව වෙනස් කරයි (VIDEO)

මතුව තිබෙන දේශගුණික විපර්යාස හමුවේ දරුණුම පීඩාව එල්ල වන්නේ උතුරු ප්‍රදේශයට වන හෙයින් ඊට මුහුණ දීමට හැකි ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් කමිටු වාර්තාව ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම විවාදයට එක්වෙමිනි.

මනෝරාජික සිහිනවලින් මිදී ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු බවයි රණවක මහතා කියා සිටියේ.

රට ගොඩනැගීම සඳහා දැන්වත් විද්‍යානුකූල ආණ්ඩුකරණයක්, තිරසර සංවර්ධන මූලධර්ම සහ කුසලතාවලට රැකියා ලැබෙන ක්‍රමයක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඇතැම් කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කළ නොහැකි අතර විශේෂයෙන් උතුරු ප්‍රදේශය නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධාන ධාරාවට එකතු වී අහිමි වූ, නොලැබුණු සංවර්ධනය අත්පත්කරගැනීම සඳහා වසර 10ක් එකට එක්ව පාලනය ගෙන යාමට ආරාධනා කරන බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

එවැනි ආණ්ඩුවකට ගමන් කිරීමෙන් කිසිම ආකාරයකින් සංස්කෘතික අනන්‍යතාවේ වෙනසක් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

මාර්තු 16, 2019

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල්...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...