තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) පිළිබඳ කොමිෂන් සභාව පිට පළාත්වල වැඩ අරඹයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) පිළිබඳ කොමිෂන් සභාව පිට පළාත්වල වැඩ අරඹයි

10 February 2019 05:43 am

පළමු මහජන රැස්වීම සහ අභියාචන විභාගය අම්පාරේ. ඉදිරියේදී හැටන් සහ අගුණකොළපැලැස්ස වෙත යාමට සූදානම්

ශ්‍රී ලංකාවේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මකභාවයට පත්වී 2019.02.04 වන දිනට දෙවර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළාත්වල මහජන රැස්වීම් හා අභියාචනා විභාගයන් ආරම්භ කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සිය ප්‍රථම මහජන රැස්වීම හා අභියාචනා විභාගය 2019.01.18 වනදින නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයේදී පවත්වන ලද අතර ඒ සඳහා අම්පාර දිසාපතිවරයා, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා නිළධාරීන් මෙන්ම පළාතේ ප්‍රජා ක්‍රියාකාරීන් රාශියක් සහභාගී වූහ.

මෙම වැඩසටහන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොමසාරිස්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරයා, දිසාපතිවරයා, ලාහුගල, සියඹලාණ්ඩුව, දමන හා පොතුවිල් ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ එහි නිළධාරීන් හා ප්‍රජා ක්‍රියාකාරීන් විසින් ආමන්ත්‍රණය කරන ලදි.

මෙම සාකච්ඡාව සිංහල හා දමිළ මාධ්‍යයන් මූලික කරගනිමින් පැවැත්වුණු අතර තොරතුරු දැනගැනීමේ ක්‍රියාවලියේ පවත්නා සාර්ථකත්වයන් හා අභියෝගයන් පැහැදිලි කරමින් සිය ප්‍රජාව සඳහා තොරතුරු දැනගැනීමේ පනතින් සහන ලබාගත් ආකාරය පිළිබඳව ගම්වැසයි න් විසින් අවධාරණය කරන ලදී. රජයේ කාර්යාලවල ප්‍රමාදයන්, නිලධාරීවාදී ක්‍රියාවලීන් හා ඇතැම් නිලධාරීන්ගේ පවත්නා එදිරිවාදී ආකල්පයන් තොරතුරු ලබාගැනීමට ඇති බාධාවන් ලෙස මෙහිදී සවිස්තරව සාකච්ඡාවට භාජනය විය.
ඉන් අනතුරුව කොමිෂන් සභාව විසින් පළාත තුළ අභියාචනා විභාගය පැවැත්වූ අතර එහිදී අදාළ පාර්ශ්වයන් තෘප්තිමත්වන පරිදි එම අභියාචනා අවසන් කරන ලදී.

දෙවසරක් පිරීම නිමිත්තෙන් වෙබ් අඩවියට ප්‍රකාශන දෙකක්

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් ප්‍රකාශන ද්විත්වයක් ත්‍රෛභාෂාවෙන්ම සිය කොමිෂන් සභා වෙබ් අඩවියට (www.rticommission.lk) පුරවැසියන්ගේ ප්‍රවේශය සඳහා මුදාහැර ඇත. පළමු වෙළුමෙහි කොමිෂන් සභාව විසින් 2017-2018 කාලය තුළ සැලකිය යුතු මූලධර්ම, ප්‍රධාන පද හා පුළුල් පරාසයක ව්‍යාප්ත වන නියෝග සමඟින් නිකුත් කරන ලද නියෝග ඇතුළත් වේ. මෙම නියෝග ලබා දීමේදී කොමිෂන් සභාව විසින් තනිපුද්ගල පුරවැසියාට සාපේක්ෂව රාජ්‍ය සතු අධික බලය හා සම්පත් පිළිබඳව සළකා බලමින් සාධාරණත්වය පිළිබඳ මූලධර්ම අවධාරණය කරමින් දෙපාර්ශ්වය වන අභියාචනාකරුවන්ට හා පොදු අධිකාරීන්ට නියෝග ලබා දෙන ලදී. මෙහි දෙවන වෙළුම වන ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හා තොරතුරු දැනගැනීමේ තන්ත්‍රය පිළිබඳ පිළිබිඹු කිරීම්‘ නීතිය, මාධ්‍ය, රාජ්‍ය සේවය හා අධ්‍යන සේවාවන්හි ප්‍රවීණ දායකයන් විසින් රචිත ලිපි වලින් සමන්විත වේ.

ඉදිරියේදී කොමිෂන් සභාව අගුණකොළපැලැස්ස සහ හැටන් වෙත

කොමිෂන් සභාවේ ඉදිරි මහජන රැස්වීම් සහ අභියාචනා විභාග හැටන් හා අගුණකොලපැලැස්ස යන ප්‍රදේශයන්හි පැවැත්වීමට නියමිත ය. මෙම දිස්ත්‍රික්කයන් තෝරාගැනීමේදි තොරතුරු දැනගැනීමේ අයිතියට ආවරණය නොවූ ශ්‍රී ලංකාවේ කොන් වූ/හුදකලා වූ/ යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රජාවන් ඉලක්කගත කරමින් තොරතුරු දැනගැනීමේ පනත හා ඉන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව අවබෝධයක් ලබාදෙන අතර කොමිෂන් සභාව පහසුකාරකයෙකු වශයෙන් ක්‍රියා කරමින් සහයෝගීමත් ලෙස හා සාමකාමීව තොරතුරු දැනගැනීමේ පනත භාවිතය පිළිබඳ ප්‍රජාවන් හා රජයේ නිලධාරීන් අතර සංවාදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මානව සම්පත් හා මූල්‍යමය බාධාවන් මැද ඉදිරියට

2017 පෙබරවාරි 17 වන දින කොමිෂන් සභාවේ ප්‍රථම ප්‍රසිද්ධ නිවේදනයේ සඳහන් වූයේ මානව සම්පත් හා මූල්‍යමය බාධාවන් මධ්‍යයේ වුවද විශේෂඥතාවය සමඟින් ශක්තිමත්, ස්වාධීන හා අපක්ෂපාතී ක්‍රියාදාමයක් ගොඩනැගීමට කැපවී සිටින අතර කොමිෂන් සභාවේ සාමාජිකයින් හා කාර්ය මණඩලය මහජන තොරතුරු ඉල්ලා සිටින්නන් හා සපයන්නන් සියලු දෙනාටම සහාය වීමට කැපවී සිටින බවයි. මෙහි සැලකියුතු දුෂ්කරතාවයන් පැවතියද, මෙය පසුගිය දෙවර්ෂය තුළ සත්‍යවාදීව ක්‍රියාකිරීම සඳහා එමගින් ප්‍රතිඥා දී තිබිණි.

2018 දෙසැම්බර් මස 31 වැනි දින වනවිට කොමිෂන් සභාව ඉදිරියේ අභියාචනා පැමිණිලි 1030 ක් පැවති අතර එයින් අභියාචනා 654ක් අවසන් කරන ලදී. ඉතිරිව පවත්නා අභියාචනාවලදී, ප්‍රධාන අවස්ථා කීපයකදීම කොමිෂන් සභාව විසින් තොරතුරු නිකුත්කිරීමට අදාළ අතුරු නියෝගයන් ලබා දී ඇත. ආරම්භක වර්ෂයන්වලදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ප්‍රමිතීන් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව කොමිෂන් සභාව විසින් විශ්වාසකරන ලද අතර එහි තීරණ අතිමහත් ලෙස මහජන බැඳියාවන් හා තොරතුරු අනාවරණය කිරීමේ මූලධර්ම පිළිබිඹු කරයි.

රටේ නිහඬ පරිවර්තනයක්

2017 පෙබරවාරි 03 වනදින සිට පොදු අධිකාරීන්හි නිහඬ හා ඇතැම්විට නිරීක්ෂණය නොකළ පරිවර්තනය පුරවැසියන්ගෙන් පමණක් නොව මහජන නිලධාරීන්ද මෙම නීතිය භාවිත කරමින් අයුක්තිය හා දූෂණයන් අනාවරණය කරගැනීමට ක්‍රියාකර ඇති බව පිළිගත යුතු කාරණයක් බව ද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳකොමිෂන් සභාව සඳහන් කරයි. තොරතුරු නිලධාරීන්ට (සහ අනෙකුත් නිලධාරීන්ටද) සද්භාවයෙන් යුතුව පනත යටතේ සිය කර්තව්‍ය ඉටුකිරීමෙන් ඇතිවන ප්‍රතිවිපාක (30 හා 40 වගන්ති) හා පනතෙන් ලැබෙන ආරක්ෂණයද කොමිෂන් සභාව විසින් නිරන්තරයෙන් අවධාරණය කරන ලදී. එක් අවස්ථාවකදී, තොරතුරු නිලධාරියෙකු සිය ව්‍යවස්ථාපිත කාර්යය ඉටුකිරීම නිසා දඬුවම් පැමිණවීමක් පිළිබඳව අප ඉදිරියට වාර්තා වූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

‘සංවෘත තොරතුරු‘ සංස්කෘතියෙන් ‘විවෘත තොරතුරු‘ සංස්කෘතියට මන්දගාමී පරිවර්තනයක් ආරම්භ වී ඇති අතර එහි අභියෝග තවමත් පවතින බව ද තොරුතුරු කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කරයි. ප්‍රගාමී ලෙස තොරතුරු ලබාදීමේ පොදු අධිකාරීන් සතු යුතුකම මනා උනන්දුවකින් යුතවු ක්‍රියාකිරීමේ අවශ්‍යතාවය පැහැදිලි විය යුතුය. එසේම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම රෙජීමය පිළිබඳ පරික්ෂාව ඉක්මවා යමින් නව නීතීන් හිතාමතා සම්පාදනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් දැක්විය යුතුය. කෙසේවෙතත්, දිරිගන්වන සාධකයක් වන්නේ ‘තොරතුරු දැනගැනීමේ අයිතයි‘ ප්‍රශංසනීය උද්යෝගයත් සමඟ සමස්ථ භූමියේම පුරවැසියන් සහයෝගීව හා කැමැත්තෙන් යුතුව මෙම අයිතිය භාවිත කිරීමයි.

තොරතුරු දැනගැනීමේ සංස්කෘතිය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා මෙය පනතක් හරහා නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව තුළ වසර දහහතරක් ගත වී ඇති අතර මෙම ධනාත්මක ප්‍රවණතාවය ඉදිරියටද පවතිනු ඇතැයි තොරතුරු කොමිෂන් සභාව සිය බලාපොරොත්තු පළ කර සිටියි.