මධුෂ්ව ලංකාවට ගේන්න බැරි වුණේ පත්තරේට ලීක් වුණු නිසා - Lanka News Web (LNW)

මධුෂ්ව ලංකාවට ගේන්න බැරි වුණේ පත්තරේට ලීක් වුණු නිසා

පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩපිළිවෙලක් සූදානම් කර තිබුණු නමුත් එය අසාර්ථක වූයේ ඒ පිළිබඳ මාධ්‍ය මඟින් හෙළිදරව් කළ නිසා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

 

මධුෂ්ව ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබුණේ ද LTTE ජාත්‍යන්තර ජාලයේ හිටපු නායක කේ.පී. ශ්‍රී ලංකාවට රැගෙන ආ ආකාරයට ම බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

"අද මධුෂ් කියලා පුද්ගලයෙක් අහුවෙලා ඉන්නවා ඩුබායිවල. දැන් මධුෂ්ව ලංකාවට ගේන්න පුළුවන්ද කියන එක ගැන කවුරුත් විමසිල්ලෙන් ඉන්නෙ. හැබැයි මොකද්ද මෙතන වුණේ ? මධුෂ්ව පිටරට ඉඳලා ලංකාවට ගේන්න ඔක්කොම සෙට් කරලා තිබුණෙ. අර කේ.පී. ගෙනාවා වගේ.

කේ.පී. ගෙනාවෙ උසාවිය හරහාද ? උසාවිය හරහා නෙවෙයි. වෙන ක්‍රමේකට කොහොමහරි ලංකාවට ගෙනාවා. ඒකට අපේ පොලිසියත් සම්බන්ධ නෑ, ඒ රටවල පොලිසියත් සම්බන්ධ නෑ. කොහොමහරි සූට්කේස් එක්ක දාලාහරි ඒ මිනිහා ලංකාවට ගෙනාවා.

ඉතිං ඒ ක්‍රමය සකස් කරලා තිබ්බෙ. නමුත් මොකද්ද අවාසනාවකට වුණේ ? මේ කතාව පත්තරේට ලීක් කෙරුවා. දුන්නයින් පස්සෙ ඒ රටේ පොලිසිය ඒකට මැදිහත් වෙලා එයාව අත් අඩංගුවට ගත්තා. මම කියන්නෙ නෑ මේ කළු මාධ්‍ය කියලා. මේක ලීක් වුණේ නැත්නම් අද මධුෂ් ලංකාවෙ. මේක ලීක් වුණු නිසා තමයි ඒ ක්‍රමය වැරදුණේ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.