පොහොට්ටු අර්බුදය ; බැසිල් නොආ එක ගැන කතා කරන්නවත් කැමති නෑ - විමල් - Lanka News Web (LNW)

පොහොට්ටු අර්බුදය ; බැසිල් නොආ එක ගැන කතා කරන්නවත් කැමති නෑ - විමල්

පසුගිය 06 වනදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම පිළිබඳ කිසිවක් ප්‍රකාශ කිරීමට තමන් අකමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

 

මෙසේ යමක් පිළිබඳ මාධ්‍ය හමුවේ කතා කිරීමට අකමැති බව තමන් අවධාරණය කරන්නේ පළමු වතාවට බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

බැසිල් රාජපක්ෂ මහතාට හිමිවිය යුත්තේ කවර ස්ථානයක්ද යන්න පිළිබඳ තමන්ට අදහසක් නොමැති බව පැවසූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ඔය කිසිවක් කළ නොහැකි බව ද පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එළඹෙන ජනාධිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් පසුගිය 06 වනදා පැවති බවත් බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාව වර්ජනය කළ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...