ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි. - Lanka News Web (LNW)

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක පමණ ආදායමක් බවත් ණය වාරිකය ලෙස ලක්ෂ හතක්, ගොඩනැඟිලි කුලිය ලක්ෂ පහක්, වායුසමීකරණ ඇතුළු විදුලි බිල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සමඟ තවත් වියදම් තමන්ට පියවීමට තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතා පවසයි.

 

මෙම ව්‍යාපාරයෙන් ඇත්තටම තමන්ට පාඩුවන බවත් බැංකු ණය ගෙවන ආකාරයක් ගැන තමන් දැන් කල්පනා කරමින් සිටින බවත් පැවසූ ඒ මහතා තමන් ඉදිරියේදී කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බලා සිටින ලෙස තමන්ට මඩ ගසන පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම වියදම් පියවමින් ව්‍යාපාරය කරගෙන යන්නේ කෙසේද යන්න විමසූ විට ඒ මහතා පිළිතුරු දුන්නේ තම පවුලේ සියළු සහෝදරයින්ට දැන් වත්කම් සහ ව්‍යාපාර ඇති බවටයි. වෙළඳසැල් 48ක් තම සහෝදරයින් සතුව ඇති බව පැවසූ ඒ මහතා තලවතුගොඩ හංදියේ ද ඉන් එකක් ඇති බව පෙන්වා දුන්නේය.

කිඹුලාඇළ හංදියේ වඩේ විකුණන තම සහෝදරයා පිළිබඳ බොහෝ අය දන්නා බව සඳහන් කළ මන්ත්‍රීවරයා තමන්ගේ වැටුපට වඩා මුදල් ඔහු වඩේ විකිණීමෙන් උපයන බව ද ප්‍රකාශ කළේය.

තමන්ට ව්‍යාපාරය සඳහා මිතුරෙකු ලබා දුන් ඉඩමේ වටිනාකම රුපියල් මිලියන තිස් ගණනක් වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

නිරෝශන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (10) දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක් වෙමිනි.

මන්ත්‍රීවරයා මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයාගේ මුදල්වලින් ව්‍යාපාර කරන බවට චෝදනා එල්ල වී තිබිණි. 

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...