මං සිරිසේනට ඡන්ද දෙන්නෙත් නෑ. හැබැයි මේ අවුරුදු හතරේ දේශපාලන ඝාතන නෑ !

මං සිරිසේනට ඡන්ද දෙන්නෙත් නෑ. හැබැයි මේ අවුරුදු හතරේ දේශපාලන ඝාතන නෑ !

11 February 2019 02:13 am

තමන්ට අවශ්‍ය වී ඇත්තේ මේ රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

 

තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව කතා කරන අයෙක් බවත් ඒ මහතා ක්‍රියාවන් සම්බන්ධයෙන් විවේචනය කරන කෙනෙක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් එතුමා වෙනුවෙන් වැඩ නොකරන බවත් ඡන්දය හෝ නොදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පසුගිය වසර හතරක කාලය තුළ දේශපාලනික වශයෙන් කිසිවකු ඝාතනයට ලක් නොකෙරුණු බව අවධාරණය කළ යුතුයි ඒ මහතා සඳහන් කළේ.

කුමාර වෙල්ගම මහතා මේ අදහස් පළ කළේ පසුගියදා පැවති ජනහමුවක් අමතමිනි.

RN