ක්‍රිකට් විනාශ කළ අය අදත් ජනපති එක්ක තමයි ඉන්නේ - අර්ජුන - Lanka News Web (LNW)

ක්‍රිකට් විනාශ කළ අය අදත් ජනපති එක්ක තමයි ඉන්නේ - අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කීඩාව විනාශ කළ උදවිය අදටත් සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

 

එවන් දූෂිත පුද්ගලයින් පසුගිය යුගයේ ක්‍රිකට් පරිපාලනය කළ බවත් අද වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව මෙතරම් පහළට ඇද වැටී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා මීට දයාසිරි ජයසේකර සහ ෆයිසර් මුස්තාෆා යන හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් ද වගකිව යුතු බව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ නිලවරණයක් පවත්වා එය ජයග්‍රහණය කර ඉතාමත් ඉක්මනින් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් යළි යථා තත්වයට පත් කරන බවයි අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ.

අර්ජුන රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

පසුගිය යුගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ය. ඔහු පසුගිය ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයේ ද නිර්මාතෘවරයකු විය.

RN

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.