ඉන්ධන මිල අඩුවෙයිද ? වැඩිවෙයිද ? - Lanka News Web (LNW)

ඉන්ධන මිල අඩුවෙයිද ? වැඩිවෙයිද ?

ඉන්ධන මිල සූත්‍රය අනුව මේ මාසය සඳහා සංශෝධිත මිල ගණන් අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

සෑම මසකම 10 වනදාට රැස්වන ඉන්ධන මිල නීර්ණය කිරීමේ කමිටුව විසින් ඊළඟ මාසය සඳහා ඉන්ධන මිල තීරණය කරනු ලැබේ.

පසුගිය මාසයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින්, ඩීසල් ලීටරය මිල රුපියල් දෙකකින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් වශයෙන් අඩු කෙරුණේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59ක්ව පැවතියදී ය.

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් අද වන විට ඉන්ධන මිල පවතින්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 123, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 147, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99 සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118ක් වශයෙනි.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.