ගෝටාගේ කෞතුකාගාර නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ. විත්තිකරුවන්ට අවවාද ! - Lanka News Web (LNW)

ගෝටාගේ කෞතුකාගාර නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ. විත්තිකරුවන්ට අවවාද !

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝටාබය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තිය විසින් ගොනු කළ මූලික විරෝධතාව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කරන ලදී.

 

ඒ, එම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විශෙෂ මහාධිකරණයට බලයක් නොමැති බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් පසුගිය නඩු වාරයකදී මූලික විරෝධතාවක් ගොනු කර තිබිණි.

ඒ පිළිබඳ තීන්දුව ලබාදෙමින් අද දිනයේදී විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කෙරෙන්නේ ඒ සඳහා අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව බවයි. ඒ අනුව විත්තියේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලදී.

නඩු විභාගය ආරම්භ කරන මොහොතේ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට පැමිණ නොසිටි අතර මදක් ප්‍රමාද වී පැමිණි ඔහුගේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මාර්ග තදබදය හේතුවෙන් නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

කෙසේවෙතත් විත්තිකරුවන්ට නියමිත වේලාවට අධිකරණයට පැමිණෙන ලෙස අවවාද කරන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට නියමිත වේලාවට අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කරන ලදී.

නඩුව පෙබරවාරි 22 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...