ජනපතිටත්, අගමැතිටත් නැති උවමනාවක් ගැන සරත් විජේසූරිය කියයි - Lanka News Web (LNW)

ජනපතිටත්, අගමැතිටත් නැති උවමනාවක් ගැන සරත් විජේසූරිය කියයි

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් ජනතාව ඉදිරියේ දුන් පොරොන්දු කැඩූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් දැන් කිසිවක් අපේක්ෂා කළ නොහැකි බව යහපාලන රජය පිහිටුවීමට උර දුන් විශ්වවිද්‍යාල මහචාර්යවරයකු පවසයි.

2015 ජනාධිපතිවරණය සමයේ තමන් ඇතුලු සිවිල් සමාජ කණ්ඩායම්වලට හා ජනතාව ඉදිරියේ දුන් පොරොන්දු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කඩකර ඇති බවයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසන්නේ.

ඔහු ඒ බව සදහන් කළේ අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අසත්‍ය ප‍්‍රචාරවලට පිළිතුරු මැයෙන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පසුගියදා පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

දේශපාලන නායකත්වයට අවංක වුවමනාවක් කැපවීමක් නොමැතිනම් අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කර එය සම්මත කරගත නොහැකි බව පෙන්වා දුන් මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ වත්මන් නායකයන් දෙදෙනාටම ඒ සඳහා අවංක වුවමනාවක් නොමැති බවයි.

"දේශපාලන නායකත්වය එයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා ඒක සම්මත කරගන්න බැහැ. අද අපිට පේනවා මේ නායකයන් දෙදෙනාටම ඒ අවංක වුවමනාව නැති බව. රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් මේක අතහැරලා තියෙනවා."

"අපි සිවිල් සංවිධාන නියෝජිතයෝ විදියට මුල ඉඳලම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දන්වා සිටි දේ තමයි ඔබ දෙදෙනා එකට එක වේදිකාවක ඉඳගෙන අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබා දීමේ ව්‍යාපාරය ගොඩනගන්න කියලා. මේ දෙදෙනා මේ කටයුත්තට එකඟ වුනේ නැහැ."

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළේ සෝභිත හිමියන් මුලා කිරීම පමණක් නෙමෙයි ඉතාම නින්දිත විදියට මේ රටේ සුළු ජාතිකයන් පවා මුලා කළා. දැන් අන්තවාදී කොටස් සමඟ එකතු වෙලා ඔවුන්ගේ පිහිටෙන් නැවත වරක් විධායක ජනාධිපති වීමේ සිහිනයක් දකිමින් සිටිනවා’’ මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...