"තුම්මුල්ලේ විරෝධය" විමල්ගේ නඩුවත් කල් යයි

"තුම්මුල්ලේ විරෝධය" විමල්ගේ නඩුවත් කල් යයි

11 February 2019 10:48 am

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මඟින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 25 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය කර ඇත්තේ පෙබරවාරි 11 සඳුදා දිනයි.

2016 වසරේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු, ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මඟින් මෙම නඩුව පවරා තිබේ.

ලබන 25 වනදා නඩුව කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එදිනට නඩු විභාගය සිදුකරන බවටද නියම කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පා.ම විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පියසිරි විජේනායක, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ඇතුළු හය දෙනෙකු නම් කර සිටි.

CR