ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල හෙට නෙළුම් පොකුණ රඟහලේ දී  - Lanka News Web (LNW)

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල හෙට නෙළුම් පොකුණ රඟහලේ දී 

ගුවන් විදුලි 2019 රාජ්‍ය සම්මාන උළෙල පෙබරවාරි 12 දින පස්වරු 6.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.
 
නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වෙයි.
 
ශ්‍රී ලාංකේය ගුවන් විදුලිය මේ වන විට අනූ තුන් හැවිරිදි වියෙහි පසුවෙයි.
 
1925 දෙසැමිබර් 16 වැනිදා නිළ වශයෙන් ආරම්භ කෙරුණු එය දශක නමයක කාලය තුළ මේ රටට සිදුකොට ඇති සේවය සුවිශේෂ ය. 
 
බැලූ බැල්මට එබඳු සුබවාදී ස්වරූපයක් විද්‍යමාන නොවුනද ලාංකේය ගුවන් විදුලි ඉතිහාසය විචාරශීලීව ගවේශණය කිරීමේදී පසක් කෙරෙනුයේ මෙකී සන්නිවේදන මාධ්‍ය විසින් මේ රටට ඉටුකර ඇති විශිෂ්ට සේවාවේ මහිමය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව එය මෙරට ජනමාධ්‍ය අතර සුවිශේෂ වූ ප්‍රමුඛත්වයක මුද්‍රව හිමිකර ගනී.
 
ගුවන් විදුලිය සඳහාම වෙන් කෙරුණු රාජ්‍ය සම්මාන උලෙළක් ප්‍රථම වරට පැවැත්වූයේ 2017 පෙබරවාරි 13 වෙනිදාය. 
 
ඒ ලෝක ගුවන් විදුලි දින 5 වන දිනට සමගාමීව ය. 
 
ලාංකේය ගුවන් විදුලි ඉතිහාසය තුළ සිදු කෙරුණු සුවිසල් ම මාධ්‍ය මංගල්‍ය එය බව ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාවේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර පවසයි.
 
නූතන පාරිභෝගික ප්‍රවාහය තුළ උඩු යටිකුරු වෙමින් පවත්නා මාධ්‍ය ප්‍රවාහයෙහි යහපත් ප්‍රවණතා පළ කරන මාධ්‍යවේදීන්ගේ දක්ෂතා ඇගයීමයි. 
 
ප්‍රශස්ත නිර්මාණ ශීල්පීන් උදෙසා සම්මාන පිරිනැමෙන්නේ ඒ අනුවය. 
 
දෙවැන්න අතීතයේ සිට අතිදුෂ්කර කාලයක් එකී මාධ්‍ය වෙනුවෙන් කැපවූ පුරෝගාමී විශීෂ්ටයින් ගෞරව බහුමානයෙන් ජන සම්බාවනාවට ලක්කිරීමයි. 
 
මාධ්‍ය ජීවිතයේ ස්වකීය යුග කාර්ය ඉටු කළ නන්දා ජයමාන්න, අරුන්දතී ශ්‍රී රංගනාදන් හා නිහාල් භාරතී යන පුරෝගාමීන් උදෙසා විශිෂ්ට ප්‍රතිභා ප්‍රණාම සම්මාන පිදෙනුයේ එබැවිනි. 
 
යහපත් ගුවන් විදුලි මාධ්‍යකරණයක අනාගත දැක්ම හුදු මායාවක් නොවී, යථාර්තවත් සංසිද්ධියක් බවට පත්කර ගැනීම ඉන් අපේක්ෂික බව සේන නානායක්කාරයන් සඳහන් කරයි. 
 
රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි නාලිකා රාශියක් එහිදී දැක්වූ සහෝදරාත්මක සහයෝගය අතිශයෙන් ප්‍රශන්සනාක්මක බව ද සේන නානායක්කාර මහතා සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා කලා මණ්ඩලයත්, ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව මෙන්ම ජූරි මණ්ඩලයක් මෙම සම්මාන උළෙලේ විනිසුරු මණ්ඩලය ලෙස කටයුතු කර තිබේ. 
 
වජිර ප්‍රේමකිලක, ලසන්ති රාජකරුණා සහ එස්. තනුෂාන්ත් යන සම්බන්ධීකාරකවරුන් ප්‍රමුඛ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයත්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ද මෙහිදී කෘතවේදීව ස්මරණය කළ යුතු බව මහාචාර්ය සේන නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබේ.
 
CR
 
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...