කෙනා අදාළ නැහැ - වංචාවක් නම් නඩුවක් දාන්න පුළුවන් - Lanka News Web (LNW)

කෙනා අදාළ නැහැ - වංචාවක් නම් නඩුවක් දාන්න පුළුවන්

වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලනඥයින්, රජයේ නිලධාරීන් මෙන්ම ඕනෑම කෙනෙකුට විරුද්ධව ත්‍රී පුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය අවධාරණය කළාය.

ඇය මේ බව සඳහන් කළේ අද (14) දෙවන ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

යහපාලන රජයේ ප්‍රතිපත්තියක ලෙස මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ත්‍රී පුද්ගල මහාධිකරණ තුනක් පිහිටුවීමට තීරණය කළ අතර මේ වන විට දෙකක් විවෘත කර ඇති බවයි අමාත්‍යවරිය පැවසුවේ.

වංචාව කුමක් වුවත් රජයට එහි විශේෂත්වයක් නොමැති අතර රජයේ වගකීම ඊට අවශ්‍ය පහසුකම් සැපයීම වන අතර අවශ්‍ය කටයුතු සිදුකිරීම පරීක්ෂණ පවත්වන අධිකාරීවලත්, නීතිපති දෙපාර්තමේන්තුවේත්, අල්ලස් කොමිසමේත් වගකීමක් බව අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළාය.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා පමණක් නොව මිග් යානා ගනුදෙනුවලදී අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වී සිටින උදයංග වීරතුංග පවා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය බව එම රටවල්වලට දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය.

දෙවන ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණයේ රෙජිස්ටර් සුජීවා ලක්මාලි මහත්මිය වෙත අධිකරණය සංකේතාත්මකව භාර දීමද මෙහිදී සිදු විය.

 

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...