11 වැනි මරණානුස්මරණය - අනුරසිරි හෙට්ටිගේ - Lanka News Web (LNW)

11 වැනි මරණානුස්මරණය - අනුරසිරි හෙට්ටිගේ

අතීත කතාව
-------------
දිනය - 2008 මාර්තු මස 14 දින
වෙලාව - ‍‍පෙරවරු 07.45 පමණ
ස්ථානය - කෙටිකාවත්ත රාජගිරිය 175 බස් පාර- කොරටුව පාර සමීපයේ බස් නැවතුමක්
සිදුවීම - ජාතික රෑපවාහිනියේ සේවකයකු මැර ප්‍රහාරයකට ලක් වෙයි. (සිරිසඟබෝ සේ හිස කපා වෙන් කරනු හැකි මන්නා පහරකි)

 

වර්තමාන කතාව
-------------------
සිය ජීවිතයට එල්ල වූ මරණීය ප්‍රහාරයක් නිසා බටහිර රටක රැකවරණය පතා ගිය මාධ්‍යවේදියකු ඉන්දියාවේ උත්සවයකට සහභාගීව සිටින ලේඛකයකුට වයිබර් තාක්ෂණය ඔස්සේ කතා කර කෙටිකතාවකට නිමිත්තක් ඇතැයි ද එහි පාර්ශ්වකරුවකු ලෙස ඔබ ද සිටින බව කියයි. පසුව මාධ්‍යදෙි මිිතුරා එවන ඉන්බොක්ස් මැසේජය කියවන සාහිත්‍යකරුවා එය කිසිම දවසක කෙටිකතාවකට හසුකරගත නොහැකි තරමේ ඛේදවාචයක් බව වටහා ගනියි.

මාධ්‍ය මිතුරා එවනු ලැබු ඉන්බොක්ස් සටහන මෙසේය.

මචං අනුරසිරි,

මට උඹට කියන්න තියෙන්නෙ හැඟීම් සමුදායක් එක්තරා මොහොතක දැනුණ. ඒ උදෑසන මමත් සිළුමිණ පිටු සැලසුම් ශිිල්පිියකු වූ බන්දුල ජිනේන්ද්‍සිංහත් උදේ කෑම කමින් හිටියා ලේක්හවුස් ආපන ශාලාවෙ. මට හදිසි ඇමතුමක් ආවා රෑපවාහිනියෙ කෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වෙලා දැන් මහ රෝහලට ගෙනාවා කියලා. ජිනේට කන්න කියලා මම එළියට බැහැලා ත්‍රීරෝද රථයක් අරන් හදිසි අනතුරු වාට්ටුවට ආවා. රෝහලේ ගේට්ටුවෙන් කිව්වා තාම එහෙම කෙනෙක් ගෙනාවේ නැහැ කියලා.

මම නැවත ගේට්ටුව ළඟට එනවාත් එක්කම උඹව රැගෙන ආවා. ඉතා ඉක්මනින් ට්‍රොලියක තියලා ඇතුළට ගත්තා. මෙන්න මෙතන තමයි මගේ කතාව පටන් ගන්නෙ.. උඹව උඩුබැලි අතට තියපු ට්‍රොලියෙ කිසියම් උස්පහත් වීමකින් ලේ තලියක් බිමට වැටුණා. කොහේ තිබිලා ඒ ලේ තලිය වැටුණද මම දන්නෙ නැහැ. මම ඒක තැකීමක් නොකර ‍ේ‍රාලියත් එක්ක කාමරේකට ගියා. වෛද්‍යවරයෙක්, හෙදියන් උඹව පරීක්ෂා කරන අතරෙ හෙදියක් කිව්වා රෝහල් පොලිසියට දැනුම් දෙන්න කියලා. මම රෝහල් පොලීසියට යන්න කාමරයෙන් එළියට ඇවිත් කොරිඩෝවෙ ඇවිදන් යනකොට ලේවලින් සලකුණු වෙච්චි සපත්තු අඩි එක දිගට පෙනුණා. උඹව ට්‍රොලියෙ දාලා ගෙනියන කොට නොදැනුණ මහා කම්පනයක් මට දැනුණා..

සුදුපාට ටයිල්වල රතුපාට සපත්තු අඩි..! මම රෝහල් ආලින්දයට ආවා. එතන තමයි පොලිසිය තියෙන්නෙ. ඒ ආලින්දයේ තැන තැන රක්ත වර්ණ සපත්තු අඩි.. ඒ ලේ උඹගෙ.. මට තිබූ හදිසිය පොලිසියට නැහැ. උන් මට අවස්ථාව දෙනතුරු එතන හිටගෙන හිටියා. අර ලේ මිනිස්සු පාග පාග යනවා.. ගාණක්වත් නැහැ. හැබැයි මට රිදුනා.. ඊට පෙර මම උඹ සමඟ ළඟ ඇසුරක් පවත්වා තිබුණෙ නැහැ. ඒත් මම දන්නවා ඒ ලේ අයුක්තියට එරෙහිවූ මිනිසෙකුගේ ලේ කියලා.. ඒක එක එකා පාගනවා දැකලා රිදුනෙ ඒකයි.. මට කරන්න දෙයක් නැහැ. මම අර අපි කවුරුුත් දන්න රම්‍යා පුෂ්පලතා කියන හෙදියට කතා කළා. ඒ වෙකොටත් එයා උඹ ගාවට ඇවිත්. මම එයාගෙන් ඉල්ලීමක් කළා කට්ටිය පාග පාග යන ලේ ටික සුද්ද කරවන්න කියලා..

එයා සුළු සේවකයෙක් එව්වා. ඌ රෙදි කෑල්ලක් දාල කකඅලෙන්ම පිහිද පිහිද ගියා. මට ඒකත් රිදුණා. යුද්්ධයෙන් ලේ ගංගා ගලපු රටක් මේක.. මේ මොන කුනුහබ්බයක්ද කියලා උඹට වුණත් හිතෙයි.. මම කම්පනයට පත්වුණේ නොමිනිස්කමට එරෙහිවූ අනුරසිරිලා කී දහසකගෙ රැධිරයෙන් තැනූ මෙවන් අඩි සලකුණු මේ දෙරණ පුරා කොතරම් ඇද්ද යන්නයි.. රෝහල් ‍‍කෙිරිඩෝරය දිගේ තිබුනු ඒ රුදිරයෙන් තැනූ අඩි සලකුණු මගේ මතකයෙන් අයින් කරන්න මට කවදාවත්ම බැහැ. ඒ දර්ශනය දුටු මමත් වැඩි දවසක් නොගිහින් ඒ පිරිශ්‍රයටම ඒ විදිහට ම ගෙනාවා. මරු විකලෙන් හිටියත් මට උඹේ සිද්ධිය ඒ මොහොතෙත් මතක් උනා..

උඹගෙ පසුගිය උපන් දින දවසෙ මිතුරන්ගෙ සුබ පැතුම් දකිනකොට අර කම්පනය සක්‍රීය උනා.. ඒකයි මම උඹට කියන්න හිතුවෙ.. සිිද්ධියක් ලෙස සුළු දෙයක් විය හැකියි.. ඒත් සුදු පාට ටයිල්වල යුක්්ති සහගත මිනිහෙකුගෙ රුදිරයෙන් තැනූ පා සටහන් කියාපාන ඛේදවාචකය සුලුපටු කාරණාවක්ද..?

මචං මම සාහිත්‍යකාරයෙක් නෙමෙයි. මහා පරිමාණ දූෂණ වංචා හෙළිකිරීමේ කර්කෂ වැඩක තමයි නිරත වුණේ..ඒ නිසා මගේ හැඟීම මොකක්ද කියලා උඹට ඉහත සටහනින් තේරුම් යයි කියලා හිතනවා.."
(උපුුටා ගැනීම අඅවසන්)

ඉහත අවස්ථා සිද්ධි ගැලපුමේදී අර කියන ලේ වල හිමිකරුවා ඔබ නම් ඔබට එය කෙටිකතාවක් ලෙස නිර්මාණය කළ හැකිද?

‍පෝද්දල ජයන්ත සොයුර..
පාදඩ රෙජීමයක මැර පාලනයේ කුරිරු බව මතක ඇති අතලොස්ස අතර නුඹ ද සිටීම සතුටකි.

ඉමං භික්කවේ මතක වත්තං..

- අනුරසිරි හෙට්ටිගේ

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...