මානව හිමිකම් කොමිසමේ වාර්තාව සමග එකඟ නෑ - තිලක් මාරපන - Lanka News Web (LNW)

මානව හිමිකම් කොමිසමේ වාර්තාව සමග එකඟ නෑ - තිලක් මාරපන

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාවේ කරුණු සියල්ලටම රජය එකඟ නොවන බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමුකළ ගැටළුවකට පිළිතුරු ලබා දෙමින් විදේශ අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
 
2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ වාර්තාවේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට තවදුරටත් කාලය ඉල්ලා සිටීමේ යෝජනාවක් මෙවර මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා පවසයි.
 
උතුරු-නැගෙනහිර, ආරක්ෂ අංශ විසින් භාවිතා කරන සිවිල් ජනතාව සතු ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය සැලකිය යුතු පියවරක් අනුගමනය කර ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා සඳහන් කළේ එම ඉඩම්වලින් 90% කට වඩා මේ වනවිට නිදහස් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
 
ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව ජාත්‍යන්තර දැනුවත් කරන බවත්, ඉතිරි වැඩ කටයුතු සඳහා කාලය ඉල්ලා සිටින බවත් ඇමතිවරයා සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාව මේ වනවිට අහිමි වූ ජාත්‍යන්තර කීර්තිය නැවත දිනා ගනිමින් සිටින අතර රජයට තනිව කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විශ්වාසය දිනාගෙන ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 
විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මානව හිමිකම් සම්බන්ධයෙන් සෑම වසරකම දැඩි අර්බුද ඇති වූ බවයි. එහෙත් වර්තමානව වනවිට එම ගැටලු සියල්ල කළමනාකරණය කිරීමට රජය සමත්ව ඇති බව ද ඔහු සඳහන් කරයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...