මන්ත්‍රීවරුන්ගේ කොකේන් පරික්ෂාව පාර්ලිමේන්තුවේදීම? - Lanka News Web (LNW)

මන්ත්‍රීවරුන්ගේ කොකේන් පරික්ෂාව පාර්ලිමේන්තුවේදීම?

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විෂ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

මහජන අභිලාෂයන් මුදුන් පැමිණවීමට පාර්ලිමේන්තුවේ විශිෂ්ට කාර්යභාර්යයක් ඉටුකරන මන්ත්‍රීවරුන් වෙත ජනතාව තබා ඇති විශ්වාසය මෙම කරුණට අදාළවද නැවත වරක් තහවුරු කරගැනීමට අවස්ථාවක් ලබා දීම ඉතා වැදගත් කාරණයක් බවයි රාමනායක මහතා අවධාරණය කරන්නේ.

ඒ අනුව අයවැය විවාදයේ අවසාන දිනය වන එළඹෙන 05 වැනි දින සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පාර්ලිමේන්තුවට පැමිණෙන බැවින් එදිනට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී ඊට පහසුකම් සලසා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා කථානායකවරයාට දන්වා ඇත්තේ.

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් නිවැරදිව හඳුනාගෙන තරාතිරම නොබලා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ASK

ranjan 2

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb