අමාරුවේ වැටෙද්දී පැනලා දුවන අය එක්කද අපි සන්ධාන හදන්නේ? - Lanka News Web (LNW)

අමාරුවේ වැටෙද්දී පැනලා දුවන අය එක්කද අපි සන්ධාන හදන්නේ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පුළුල් සන්ධානයක් පිළිබඳ සාකච්ජා පැවැත්වෙමින් තිබුණද ඒ සම්බන්ධයෙන් යම් බියක් ඇති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය.

 

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

"අපි සන්ධානයට යන්න සාකච්ඡා පැවැත්වෙනවා. නමුත් මට පොඩි බයක් තියෙනවා. ඒ සන්ධානය මැතිවරණයකට ගිහින් අයවැය ඡන්දයට වුණු දේම වෙන්න ඉඩ තියෙනවා. විශ්වාසය තියන්න බැරි මිනිස්සු එක්ක සන්ධාන ගහපුවාම එහෙම සැකයක් ඇති වෙනවා. අයවැයට එරෙහිව ඡන්දය දෙන්න එකඟවෙලා ඉදලා අවසානයේ ශ්‍රිලනිප කණ්ඩායම පැනලා ගිහින් හැංගිලා හිටියා. අවසනායේ අපිත් එක්ක සන්ධාන ගහලා අපේ අපේක්ෂකයා දිනන කොට, ගිය වතාවේ දින්නත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා වගේ දෙයක් වෙයිද දන්නේ නැති නිසා ඒ බය ඇති වෙනවා. සන්ධානයක් හදන කොට මේ සියල්ල පිළිබද අවධානය යොමු කළ යුතුයි. විශ්වාස කරන්න බැරි පුද්ගලයෝ එක්ක සන්ධාන ගහලා අවධානමකට වැටෙන්න අවශ්‍ය නැහැ."

ඒ අනුව "අමාරුවේ වැටෙද්දි පැනලා දුවන අය එක්කයි අපි සන්ධාන ගහන්නේ කියන කාරණය දැන් අපිට සැලකිල්ලට ගන්න පුළුවන්" යැයි මන්ත්‍රීවරයා කියාසිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සිදුකරමින් සිටින්නේ ගැලරියට කතා කර අත යටින් සහය දීම බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන බවට පම්පෝරි ගැසුවද අවසානයේ ඊට සහය දීමෙන් එජාපයේ හැසිරීම වටහා ගත හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ.

ඒ අනුව සිදුව ඇත්තේ තවදුරටත් පාක්ෂිකයා රැවටීම පමණක් බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

ASK

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb