ශෂී වීරවංශගේ හොර පාස්පෝට් නඩුව කල් යයි - Lanka News Web (LNW)

ශෂී වීරවංශගේ හොර පාස්පෝට් නඩුව කල් යයි

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රන්දුණු මුදියන්සේලාගේ ශෙහායා උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව 2019 අප්‍රේල් 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

ඒ, එම නඩුව ඊයේ (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

නඩුවෙහි සාක්ෂි දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අධිකරණයට පැමිණ සිටි නමුත් පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා රාජකාරි කටයුත්තක් සඳහා විදෙස් ගතවී ඇති හෙයින් නඩු විභාගය මෙසේ කල් තබන ලදී.

ශෂී වීරවංශ මහත්මිය විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් ආගමන විගමන පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ඒ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ ඇගේ උපන් දිනය 1967 වසරේ බවට සටහන්ව පැවති නමුත් ඇගේ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ ඇගේ උපන් දිනය සටහන්ව තිබුණේ 1971 වසරේ ලෙස බවට විමර්ශනවලදී හෙළිදරව් වී තිබිණි. එසේම ඇය විසින් ඉදිරිපත් කළ උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බව සාක්ෂි විභාගයේදී හෙළිදරව් වූ අතර විදෙස් ගමන් බලපත්‍රය ඉක්මනින් නිකුත් කරන ලෙස එවකට අමාත්‍ය විමල් වීරවංශ මහතා ආගමන විගමන පාලකයා වෙත දුරකථන ඇමතුමකින් දැනුම් දුන් බව ද හෙළිවිය.

RN

නවතම පුවත්

මැයි 23, 2019

ඉදිරි දෙවසර තුළ ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක්

ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි දෙවසර තුළ මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කළ…

මැයි 23, 2019

තඹ කම්හලේ සේවකයින්ට නොතීසි. වැල්ලම්පිටිය OICට ගාල්ලට මාරුවක්.

පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියකුට අයත් වැල්ලම්පිටිය තඹ…

මැයි 23, 2019

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර…

මැයි 23, 2019

විශ්වාස භංගයට ඉඩ නොදුන්නොත් පාර්ලිමේන්තුව ඉවරයි - පොහොට්ටුවෙන් තර්ජන

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉදිරි දින…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb