අයවැය ඡන්දයේදී ශ්‍රීලනිපය කළ බරපතළ දේශපාලන වැරැද්ද හදා ගතයුතුයි ! - පොහොට්ටුව - Lanka News Web (LNW)

අයවැය ඡන්දයේදී ශ්‍රීලනිපය කළ බරපතළ දේශපාලන වැරැද්ද හදා ගතයුතුයි ! - පොහොට්ටුව

අයවැය දෙවන වර කියවීමේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බරපතළ දේශපාලනික වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

 

පොහොට්ටු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ එම බරපතළ දේශපාලනික වරද නිවැරදි කරගත යුතුයැයි තමන් විශ්වාස කරන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොහොට්ටු - ශ්‍රීලනිප සන්ධානයක් උදෙසා ඊයේ (14) පැවති පළමු නිල සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් ගොඩනැඟීමට සාකච්ඡා පවත්වන්නේ කිසිදු මැතිවරණයක් ඉලක්ක කරගෙන නොවන බවත් ප්‍රති ත්‍රස්ත පනත, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැනි දෑ පරාජය කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍ය නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණෙන තුරුම ඊට එරෙහිව තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ නැවැත්විය නොහැකි බවයි ඒ මහතා පැවසුවේ.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...