හොරුන්ට මිනීමරුවන්ට මම විරුද්ධ නිසා සිරිසේන මාව පක්ෂයෙන් කපලා - චන්ද්‍රිකා - Lanka News Web (LNW)

හොරුන්ට මිනීමරුවන්ට මම විරුද්ධ නිසා සිරිසේන මාව පක්ෂයෙන් කපලා - චන්ද්‍රිකා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලින් සම්පූර්ණයෙන්ම කපා හැර ඇති බව එම පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

 

තමන් හොරුන්ට, මිනීමරුවන්ට සහ ජඩ වැඩවලට විරුද්ධ හෙයින් තමන්ව මෙසේ කපා දමා ඇති බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ.

එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් තමන් කිසිවක්ම නොදන්නා බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...