රනිල් අන්තිම මොහොතේදීත් ජනපතිගේ ගෞරවය බේරුවා. දැන්වත් හිතන්න - චමින්ද - Lanka News Web (LNW)

රනිල් අන්තිම මොහොතේදීත් ජනපතිගේ ගෞරවය බේරුවා. දැන්වත් හිතන්න - චමින්ද

ජනාධිපති වැය ශීර්ෂය සඳහා බෙදීමක් අවශ්‍ය බවට තමන් යෝජනා කළ අවසන් මොහොතේදීත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගෞරවය ආරක්ෂා කර දුන් බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

 

එහෙයින් රනිල් වික්‍රමසිංහ මහතා කළ මෙම ක්‍රියාව තුළින් හෝ දැන්වත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සහ රටේ ජනතාව ගැන සිතිය යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

විශේෂයෙන්ම තමන්ට ඡන්දය ලබාදුන් හැට දෙලක්ෂයක ජනතාව ගැන දැන්වත් ජනාධිපතිවරයා සිතා බැලිය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙනුවෙන් විශාල ධෛර්යයක් ගත් බවත් සමහර මන්ත්‍රීවරුන්ව නිහඬ කළ බවත් සමහර මන්ත්‍රීවරුන්ව ගෙදර යැවූ බවත් චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

තමන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හේෂා විතානගේ යන පසුපෙළ මන්ත්‍රීවරුන් මීට පෙර පැවසූ ලෙසින්ම තමන්ගේ කොටස ඉටු කළ බව කී ඒ මහතා සටන පාවාදුන්නාද නැද්ද යන්න විමසිය යුත්තේ අනෙක් අයගෙන් බව ද පැවසීය.

RN

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb